Chapter 19

265 92 1
                                    

"හරි සමාව දුන්නා.."

ජිමින් එහෙම කියලා ටේහියුන්ගෙන් තමන්ගේ ඇස් අහකට ගත්තා..ජිමින් ඉන්නෙ දුකින් කියලා ටේහියුන්ට හොදටම තේරුනත් ඒ තමන් නිසා නේද කියලා මතක් වෙද්දි ඔහුට ලොකු වේදනාවක් දැනුනා..

හෙමීට ජිමින්ට ලංවුන ටේහියුන් පිටිපස්සෙන් ජිමින්ව පපුවට තුරුල් කරගත්තේ ඔහුගේ සිහින් ඉන වටේ අත් යවමින් ජිමින්ගේ උරහිස උඩින් නිකට තියාගෙන..

"මට සමාවෙන්න ජිමින්..මම දන්නවා ඔයාට ගොඩක් රිද්දුවා කියලා.."

ටේහියුන් බිදුන කටහඩින් කියද්දි ජිමින්ගේ ඇස් වල කදුලු පුරුනේ නොදැනුවත්වමයි..

"ඔයා හැමදේම තනියම දරාගන්න හිතුවේ..මට කිසිම දෙයක් නොකිය මගෙන් ඈත් වුනේ මගේ හිත රිදෙයි කියලා හිතලනම්..මතක තියාගන්න ටේහියුන්...ඔයා මාව දාලා ගිහින් මට ඊටත් වඩා රිද්දුවා කියලා.."

ජිමින්ගේ සීතල වගේම උනුසුම් කදුලු කැට ටේහියුන්ගේ අත උඩට එකින් එක වැටුනා..ජිමින් ඇස් පියාගෙන තදින් ඔහුගේ තොල් හපාගත්තේ දැනුන වේදනාව නිසාමයි..

"මම ඔයාට ආදරෙයි ජිමින්...සමාවෙන්න මට.."

ටේහියුන්ගේ දෑස් බොදවෙලා ගියත් ඔහු අමාරුවෙන් කදුලු පාලනේ කරගන්න උත්සාහ කලා..

වේදනාවක් දැනුනත් ඔවුන්ගේ හිත් සතුටින් පිරුන හැගීම් වලින් ඉතිරිලා ගිහින්..එකම වැරැද්ද නැවතත් සිදු කරන්න ජිමින්ටවත් ටේහියුන්ටවත් ඕන වුනේ නැහැ වගේම එක මොහොතකටවත් ඔවුන්ට දැනෙන ආදරණීය හැගීම් වලින් ඈත් වෙන්න දෙන්නගෙම  හිත් වල ඇතිවුනේ බයක්..

"අපි මේ ගැන ෆ්‍රෙඩ්ට කියන්න ඕන නේද ජිමින්.."

ටේහියුන් හෙමීට ඇහුවා..

"ඔව් ඒත් එයා දැනගන්න ඕන ඔයා මගේ ටේහියුන් කියලා..ඒ වගේම තවත් ඩෙරික් ආයිත් අපේ ජීවිත වලට එන එකක් නැහැ නේද??..."

ජිමින් සිහින් හඩකින් කිව්වා..ටේහියුන් ලොකු හුස්මක් පහලට දාලා ජිමින්ගේ ඇස් දිහා කෙලින් බැලුවා..ඒ ඇස් වල තිබුනේ බලාපොරොත්තු සහගත බවක්..ටේහියුන් තවත් ඒ දිලිසෙන ඇස් දෙක දිහා ආදරෙන් බලන් හිටියා..

"ඔව් අනිවාරෙන්ම..මම ඔයාගේ ටේහියුන් විදියට හැමෝම අදුරගනිවි ජිමින්..ඩෙරික් ආපහු එනනෙත් නැතිවෙයි.."

ටේහියුන් ජිමින්ව තමන්ගේ පපුවට තුරුල් කරගෙන සිනිදු කම්මුලක් හෙමීට පිරිමැද්දා..

"මාත් එක්ක නිදාගන්න ටේහියුන්.."

ජිමින් කලෙ ඉල්ලීමක් වුනත් ටේහියුන් ඔහුගේ හැගීම් නිසා ගොඩක් අසරණ වුනා..ජිමින්ගේ හිත රිද්දන්න අකමැති නිසාම ටේහියුන් ජිමින්ගේ ඉල්ලීමට එකග වුනා..

තද වැස්සත් සමග අකුනු ගහන හඩත් එක්කම කවුලු වලින් ඇතුලට එන සීතල හිරිකඩ හුලං පහරට ජිමින් තවත් ටේහියුන්ගේ උනුහුමට ගුලිවෙද්දි ටේහියුන්ගේ ඇග පුරාම හිරිවැටිලා ගියේ තමන්ගේ පාලනේ නැතිවෙන්න හදන අතරෙමයි..

Reflection || VMIN [ Completed ✔]Where stories live. Discover now