chapter 02

1.1K 274 54
                                    

"උබ කරන්නේ මට ඕන දේ තේරුනාද ජෙයොන් ජන්කුක්... උබ මට ඕන දේ විතරක් කරපං තේරුනාද?" අවුරුදු හතරක පුංචි ජන්කුක්ට ඒ තරම් සැරෙන් අන දෙන්නේ වෙන කවුරුත් නෙවෙයි එයාගේ අප්පා ජෙයොන් වූබින්...

පුංචි පිහියක් පුංචි ජන්කුක්ගේ අතට දුන්න වූබින් ජන්කුක් ආසම කරන පුංචි හා පැටියවත් ජන්කුක් අතට දුන්නා... හොබී කොරියාවට ආව වෙලාවක ජන්කුක්ට තෑග්ගකට දුන්න හා පැටියට ජන්කුක් එයාගේ ඥාති සහෝදරයා හොබීට වගේම හුගක් ආදරය කලා...

"අප්පා පිහි නරකයි මට එපා මේක.." අතේ තිබ්බ පිහිය විසික් කරන්න යද්දිම පුංචි ජන්කුක්ට වූබින්ගෙන් ලොකූ කනේ පාරක් ලැබුනේ ඒ චූටි තොල පැටිලා හෙල්ලෙන දතකුත් කඩල දාලයි... වේදනාව දරා ගන්න බැරි පුංචි ජන්කුක් එයාගේ හුරතලා බනීවත් තුරුල් කරගෙන අඩන්න පටන් ගත්තා...

"තෝ මං කියන දේ කරපිය බල්ලෝ" කෑ ගහපු වූබින් ජන්කුක්ව ඇදලා අරගෙන ඒ චූටි අතෙන් ආපහු පිහිය තියලා තද කරා... තොලෙනුත්, විදුරුමහෙනුත් එන වේදනාවට සමානවම වූබින් තද කරගෙන ඉන්න චූටි අතෙනුත් වේදනාවක්ම විතරක් ජන්කුක්ට ගෙනාවා...

"කපපිය මුගෙ බෙල්ල..." පුංචි ජන්කුක්ගේ තුරුලේ හැංගෙමින් උන්න හා පැටියව ඇදල අරගෙන ජන්කුක්ට නැවතත් දික් කරාම කදුලු පිරුණු බෝල ඇස් වලින් ගොඩක් අනුකම්පාවෙන් පුංචි ජන්කුක් බනී දිහා බලාගෙන උන්නා...

ජන්කුක් අඩනවා ඇරෙන්න දෙයක් නොකරන නිසා වූබින් ජන්කුක්ගේ අතින් අල්ලගෙනම ඒ පුංචි සතාගේ බඩට පිහියෙන් ඇන්නේ ලේ විසික් වෙලා ගලාගෙන යද්දී...

"එපා... අනී බනීට සිදෙයි..." ජන්කුක් වූබින්ගේ අතට තද වෙලා තියෙන අත ඇද ඇද කෑ ගැහුවත් නැවතත්~ නැවතත්~ වූබින් පුංචි ජන්කුක්ගේ අතින්ම අල්ලලා අර සතාට පිහියෙන් ඇන්නා...

"උබයි ඌව මැරුවේ... උබයි~ උබයි~ උබයි~" පනක් නැති ලේ ගලන බනීගේ ශරීරය බිමට අත ඇරිය වූබින් ජන්කුක්ගේ කනට කරලා අර වගේ දෙයක් කියලා පිහයත් ජන්කුක්ගේ අතට කරලා මිට මොලවලා එතනින් යන්න ගියා...

ජන්කුක් ඇඩුවද? නෑ එයාට අඩන්නවත් ශක්තියක් නෑ... සහෝදරයට වගේ පන ඇරලා ආදරය කරපු සතා- තමන්ගේ අතින්ම මරල දැම්මා කියන හැගීම ඒ පුංචි හිතට ලොකුවට බලපෑම් කරා...

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now