chapter 10

965 249 75
                                    

"ජූන් ඊයෙ තමුසේ මස් ටික කපලා පිහිය හේදුවේ නැද්ද මිනිහෝ?" ජින් කිචන් එකේ සින්ක් එක ඇතුලට දාල තියෙන තවමත් ලේ තියෙන පිහිය හෝදන ගමන් කෑ ගැහුවා...

"හේදුවද කොහෙද? මතක නෑ බබා මගේ ඇගිල් කැපිලා මං ඒක අයින් කරානේ මතක නෑ" නම්ජූන් බයාදු විදිහට උත්තර දුන්නා...

ජින් හතර වටේටම බැන බැන පිහිය හෝදලා කබඩ් එකෙන් දාලා ලොක් කරා... මොකද එයා එයාගේ බඩු කවුරුත් අල්ලනවට කැමති නෑ... සේරම කබඩ් වලට දාලා වහල ලොක් කරලයි තියෙන්නේ...

ඒක ඊයේ නම්ජූන්ට හෝදන්න බැරි උන පිහිය නම් තමයි ඒත් ඒකේ නම්ජූන් කපපු මස් වල ලේ වලට අමතරව හා ලේයි, මිනිස් ලේයිත් තිබ්බා... ජින් අද හොදම සාක්ෂියක් හෝදලා අස්සට දාලා වහලා ලොකුත් කරලා යතුරත් අරගත්තා...

"ටේ අර හාවො ඉන්න ගෙදර නෝනවයි ලමයවයි ඊයේ කවුරුහරි මරල දාලා" ඒත් එක්කම වගේ දුවගෙන ආව රොයිටර් සේවයේ නිත්‍ය සාමාජික ජිමින් අද දවසේ පත්තරේ විස්තරේ ප්‍රකාශයට පත් කලා...

ඒත් ඒක හිනා වෙන්න ඕන කාරණාවක් නෙවෙයි... අවුරුදු 10 ක පොඩි ලමයෙකුයි, අවුරුදු 39 ක ගෑණු කෙනෙකුයි තමයි ඊයේ රෑ කොටල මරල දාලා තියෙන්නේ... ආරංචිය ලැබුන ගමන් හැමෝම එතනට ගියා...

"සර්" ටේහ්යුං, යුන්ගි, නම්ජූන් දැක්ක පොලිස් පරීක්ෂකයෙක් දුව ගෙන ආවා...

"කලින් වගේමයි මුවහත් පිහියකින් කොටල දාලා... දූෂණය කරලවත්, සල්ලි අරගෙනවත් නැහැ... පිහි කෙටුම් පාරවල් තදටම වැදිලා... පොඩි ලමයගෙ ඔලුව-

ටේහ්යුං අතින් සන් කරේ තවත් ඒ විස්තරේ අහන්න ඕන නැති නිසයි... අමානුෂිකව මෙහෙම මරන්න තරම් තිරිසන් වැඩ කරන්නේ කවුද කියන එක ටේහ්යුං කල්පනා කරා...

ඒත් මිනීමරුවා ජනේලෙන් බලාගෙන හයියෙන් හිනා වෙනවා අහන්න ඒ වෙලාවේ ගෙදර කවුරුවත් නම් උන්නේ නෑ...






"බනියෝ ඔයා දන්නවද වැඩක් අර හා පැටවුන්වත් මරල දාලා" ජිමින් දුවගෙන ඇවිත් ජන්කුක්ව බදා ගත්තා...

"ඉහී ඉහී මහ නපුරෙක් එයා නම් මං උන්න නම් එයාට දෙනව ඩිෂුම් ගාල එකක් හා පැටව් මැරුවට" ජිමින් හෝ ගලා අඩ අඩ ටේහ්යුංගේ ඇදේ පෙරලුනා...

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now