chapter 13

936 261 64
                                    

"කොහෙද එයා? මොකක්ද එයාට කලේ? මගේ කුකී බබා කොහෙද? උබල මොකක්ද මගේ අහිංසකයට කලේ කියනවා? කෝ කෝ කොහෙද? උබල මගේ කුකී බබාට මොකක්ද කලේ කියපල්ලා?" හොබී කෑ ගහගෙන ICU එක ලගට දුවගෙන ආවේ මුලු හොස්පිට්ල් එකම බය කරවලා...

ටික වෙලාවකට කලින් උන සිද්ධිය හොබීට ආරංචි උන වහාම හොබී දුවගෙන ආවේ හොස්පිට්ල් එකට... මොකද ජන්කුක් කොහෙද කියන එක එයා දන්නේ නෑ...

ICU එක ලගම operation තියටර් එක ලග වැටීගෙන අඩන ජිමිනුත්, ටේහ්යුංනුත්, නම්ජූනුත්, ජිනුත් එකපාරටම ඔලුව උස්සලා දුවගෙන එන හොබී දිහා බැලුවා...

හොබී ඇදගෙන උන්නේ රෑට අදින ඇදුමක්, කොණ්ඩේ අවුල් වෙලා, ඇස් වල කදුලු වැක්කෙරෙනවා, දෙයකට බය වෙලා නිසා එයාගේ අත්, කකුල් වගේම කටත් හොදටම වෙව්ලනවා...

ඒත්,

ටේහ්යුං, ජිමින්, ජින්, නම්ජූන් ඔය හතර දෙනාගෙත් තත්වය හොබීටත් වඩා අන්තයි කියලා දකින කෙනෙක්ට කියන්න පුලුවන්...

එයාලත් තවම ඇදගෙන උන්නේ රෑට අදින ඇදුම, එයාලගෙත් කොණ්ඩේ අවුල්, එයාලත් හොදටම අඩනවා ඒත් හොබීට නැතිව එයාලට බයක් නෙවෙයි තරහවක් තිබ්බේ... එයාලව වෙව්ලුවේ තරහට- මිනීමරුවෙක්ව ගේ ඇතුලට දාගත්ත තරහට...

එයාලගේ මුලු ඇගම ජන්කුක්ගේ වගේම යුන්ගීගේත් ලේ වලින් තෙත් වෙලා ගිහින්... ජිමින් පිස්සෙක් වගේ කෑ ගගහා අඩනවා ඒත් හොබීට ඕන තවත් ඇත්ත හංගන්න...

"කෝ මගේ කුකී බබා? උබල එයාට කරදරයක් කලාද? කියපල්ලා කෝ මගේ කුකී?" හොබී කෑ ගැහුවා...

මේ වෙද්දී තරහවේ උපරිම මට්ටමේ උන්න ටේහ්යුංට හොබීගේ හැසිරීමත්, ICU එක ඇතුලේ ජීවිතයත්, මරණයත් අතර සටනක් කරන යුන්ගි ගැනත් එක වතාවෙදී සිහි වෙලා එයාගේ ඔලුව අවුල් ජාලාවක් වෙලයි තිබ්බේ...

"කට වහනවා..." ටේහ්යුං කෑ ගැහුවේ ඉවසීම අන්තිම ගැට්ටේ තියලා...

"උබ මොනවද මේ කියවන්නේ? වැදගත් මිනිහෙක් කියලයි සද්ද නොකර උන්නේ උබ අපිට මිනී මරුවෙක්වද දුන්නේ? තිරිසනෙක්වද අපේ ගෙදර එව්වේ?" ටේහ්යුං කෑ ගැහුවා...

නම්ජූන්, යුන්ගි දෙන්නා ටේහ්යුංට තරහ ගිහින් ඉන්නවා දැකල තිබුනත් ඇත්තටම ජින්, ජිමින් දෙන්නා ටේහ්යුංගේ ඒ පැත්ත දැකලා නෑ...

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now