chapter 29

975 262 30
                                    

"අලේ ආපහු එහෙම අර වගේ දේවල් හොයන්නෙ නෑ බනී එක්ක හොදේ" ගෙදරින් පිටත් වෙන්න තියෙද්දී ටේහ්යුං ආපහු පාරක් ජිමින්ට කිව්වා...

"යාහ් ටේ මං තමුන්ට කී සැරයක් කියන්නද? ඒ යකා හෙන පචයක් කියව්වේ මං හොයපු ඇති රෙද්දක් නෑ..." ජිමින් කියන දේ කනකට නොගත් ටේහ්යුං ජන්කුක්ගේ නලලින් හාදුවකුත් තියලා ඉක්මනට එන්නම් කියලා පිටත් වෙලා ගියා...

සාමාන්‍යයෙන් ගෙදරින් මුලින්ම වැඩට යන්නේ යුන්ගි, නම්ජූන් දෙන්නා... ඒ ටිකකින් ජින් ගියාම අන්තිමට තමයි ටේහ්යුං යන්නේ... මොකද අනිත් අයට නම් ලකුණු කරන ඒව තිබ්බට එයාට නෑනේ...

අදත් හැමෝම ගියාට පස්සේ අවසානයට ටේහ්යුංනුත් යන්න ගියා... ටේහ්යුං ඉක්මනට එන්නම් කියලා ගියාට ජන්කුක් නම් හිතින් ප්‍රාර්ථනා කලේ 'වෙනදටත් වඩා වෙලා යන්න' කියලයි...

"ඔයා ලෑස්තිද බනී?"

"ඔව් යමු"

අදත් දෙන්නම හැමෝටම හොරෙන් හොබීගේ ගෙදර ආවේ අර දේම හොයන්නයි... ඉතුරු වෙලා තිබ්බ ෆයිල් සේරම බැලුව ජන්කුක්, ජිමින් දෙන්නට හොයපු දේ ලැබුනේ නෑ...

අවසානයේ යන්න හදලත්,

"පොඩ්ඩක් ඉන්න මිනී" කියලා ආපහු උඩ තට්ටුවට දිව්ව ජන්කුක් නැවතුනේ හොබීගේ කාමරය ලග...

හෙමීට දොර ඇරගෙන ඇතුලට ගියපු ජන්කුක්ගේ අමිහිරි නමුත් ආදරණීය මතකයන් මතක් වෙන්න ගත්තා... මේ කාමරය තුල ජන්කුක් මරපු අයව හංගගෙන ඉදලා තියෙන හැටි පවා ජන්කුක්ට මැවිල පෙනුනා...

හොබී කොච්චර උත්සාහ කලත් ජන්කුක් එයාගේ තුරුලට නාව විදිහ, හොබීට ගහල තියෙන විදිහ, ඒත් හැමදේම ඉවසගෙන ඊලග දවසේ උදේටත් කුකී කියලා ආදරෙන් කතා කරන විදිහ ජන්කුක්ට මැවිල පෙනුනා...

හදවතට ඕන උනේ එක දෙයක් උනත් මොලයත් ඇගත් වැඩ කලේ තවත් විදිහකට කියන එක හැමදේම මතක ජන්කුක්ට වේදනාවක් ගෙනාවා...

ඔලුව ගසල දාලා ජන්කුක් බෙඩ් ටේබල් එක උඩ තිබුන එයාගෙත්, හොබීගෙත් පොටෝ එක අතට අරගෙන එන්න හැරුනා... ඒත්,

"මිනී ඉක්මනට උඩට එන්න" ජන්කුක් කෑ ගැහුවාම ජිමිනුත් උඩට දුවගෙන ආවා...

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now