chapter 27

1K 271 46
                                    

"ජ-ජන්කුක් සර්" ජන්කුක්ව දැක්ක හොබීගේ බොඩිගාඩ්ස්ලා ටික එක පෙලට හිට ගත්තා වගේම එයාලගේ කකුල් හිටන් ගැහෙනවා බයට...

"හියුන්ගියා කොහෙද?" ජන්කුක් හිනා වෙවීම අහුවත් පිටි පස්සෙන් ආව ටේහ්යුංවත්, ඉස්සරහ උන්න බොඩි ගාඩ්ස්ලා ටිකවත් හිනා උනේ නෑ...

මොකද හිනා වෙලා ඉන්න පුලුවන් තත්වයක් තිබ්බේ නෑ...

"බය වෙන්න එපා මං කරදරයක් කරන්නේ නෑ.. හියුන්ගියා ගෙදරද?" ජන්කුක් ආපහු ඇහුවත් හැමෝම කරේ ඔලුව පාත් කරගෙන උන්න එක විතරයි...

"මොකක තමුන්ලට කතා කරන්න බැරිද? වැඩක් නෑ ඔහේල නම් කොහෙත්ම-" ජන්කුක් බොඩිගාඩ්ස්ලට බැන බැන ගේට්ටුවෙන් ඇතුලට ආවා...

ටේහ්යුංට පුලුවන් උනේ ජන්කුක් පස්සෙන් එන්න විතරයි එයාට ජන්කුක්ව නවත්තන්නවත්, වෙලා තියෙන දේ විස්තර කරන්නවත් බැහැ...

"ජ-න්කුක් සර්" අවසානයේ ඇතුලට යන්න ගියපු ජන්කුක් නතර උනේ එක්කෙනෙක් කතා කරපු නිසා...

"ඇති යන්තම් ඔයාටවත් කතා කරන්න කටක් තියෙනවා... හියුන්ගියා කොහෙද ඉන්නේ ගෙදරද? ඔෆිස් එකේද?" ජන්කුක් ඇහුවා...

"ස-ර් හෝ-සොක් ස-ර් දැ-න් අ-පිත් එක්ක නැ-හැ..." ගාඩ් ජන්කුක්ට කිව්වා...

"එහෙනම් කොහෙද? වාව් හියුන් අලුත් ගෙයක් ගත්තද? කෝමත් මං මෙහෙට කැමති නෑ මෙහේ පිටිපස්ස පැත්ත තනිකරම මිනී පිට්ටනියක්නේ..." ජන්කුක් ගානක් නැතුව ඔහේ කියෙව්වා..

"ස-ර් හෝසොක් සර් අපිව දාලා යන්නම ගියා සර්" ගාඩ් ජන්කුක්ට තේරුම් කරන්න උත්සාහ කලා...

"ය-යන්නම කියා කියන්නේ- මිනිහෝ එහෙම කියන්නේ කෙනෙක් මැරුනම මිසක් ගමනක් ගියාම නෙවෙයි...මොනවද කියවන්නේ... ආහ් ඉස්කෝලෙ කාලේ සිංහල පීරියඩ් එක කට් කලාම ඕක තමයි වෙන්නේ..." ජන්කුක් ඔලුවත් පද්ද පද්ද ඇස් උඩට යවාගෙන කතා කරා...

"බනී-" ටේහ්යුංට ඕන උනා ජන්කුක්ට මේ ගැන කියන්න... ඒත් එයා ශක්තිමත් නෑ ඒ වගේ දෙයක් කියන්න...

"ජන්කුක් සර් හෝසොක් සර් අපිව දාලා යන්නම ගිහින් තමයි... මීට මාසෙකට කලින් හෝසොක් සර් suicide කරගත්තා සර්" ගාඩ් අවසානයේ ජන්කුක්ට වෙලා තියෙන දේ කිව්වා...

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now