chapter 22

980 265 32
                                    

දවස් ගානක් ජන්කුක් එක්ක කරපු විවිධ ක්‍රියාකාරකම් තුලින් ඩොක්ටර් ජේහෙයුන් තීරණය කලා ජන්කුක්ගේ බ්‍රේන් වොශ් එක හරිගස්සන විදිහ ගැන...

ඊලග දවසේ උදේම ඩොක්ටර් ජේහෙයුන් ටේහ්යුංගේ ඔෆිස් එකට ආවේ ඒ ගැන කතා කරන්නයි...

"ඩොක්ටර් ඔයා මෙහේ?" නොදන්වාම ඩොක්ටර් ආවම ටේහ්යුං ඇහුවා...

"නොදන්වා පැමිණීම ගැන කණගාටුයි මිස්ටර් කිම් ඒත් මං අර කියපු වැඩේ ඉවරයි..." ඩොක්ටර් ජේහෙයුන් එයාගේ වාර්තාව ටේහ්යුංට පෙන්නුවා...

ටේහ්යුං ටික වෙලාවක් අරගෙන ඒක කියෙව්වා...

"ඩොක්ටර් ඒත්- මේකෙ තියෙන්නේ පොඩි ලමයි කරන සෙල්ලම් කිහිපයක් විතරයිනේ" ටේහ්යුං අහද්දී ඩොක්ටර් ජේහෙයුන් කරේ හිනා උන එක...

"මිස්ටර් කිම් මං කවුද?" ඩොක්ටර් ජේහෙයුන් ටේහ්යුංගෙන් ප්‍රශ්ණ කලා...

"ඩොක්ටර්- ඩොක්ටර් ඔයා- මට සමාවෙන්න නමුත් මේ දේවල් පැහැදිලි කරනවද?" ටේහ්යුංගේ ඉල්ලීම පරිදි ඩොක්ටර් ජේහෙයුන් සියල්ලම විස්තර කරන්න පටන් ගත්තා...

"මිස්ටර් කිම්, මං ජන්කුක්ව පරීක්ෂා කරලා කතා කරලා ප්‍රශ්ණ අහන හැම වෙලේකම එයා කිව්වා සෙල්ලමක් ගැන, අන්න එතනයි ජන්කුක්ගේ බ්‍රේන් වොශ් එක තියෙන්නේ... ජන්කුක්ව ජන්කුක්ගේ අප්පා වෙනස් කරේ අන්න ඒ පොයින්ට් එකෙන්" ඩොක්ටර් ජේහෙයුන් විස්තර කිරීම් ටේහ්යුං අහගෙන උන්නා...

"මිස්ටර් කිම්ට පමණක් අවනත වෙන්නේ ඒක ඒ දරුවාගේ හදවතින් ඔබට තැනක් ලැබිලා තියෙන නිසා... නමුත් ඔබටත් අවනත නොවෙන දවසක දරුවාගේ සෙල්ලම් කිරීමේ අයිතිය නෙවෙයි සෙල්ලම අපි මාරු කරලා තියෙන්න ඕනා" ඩොක්ටර් ජේහෙයුන් ඉදිරි කරුණුත් විස්තර කලා...

"ඩොක්ටර් කියන්නේ දවසක ජන්කුක් මගේ අණටත් පිටින් යයි කියලද?" ඩොක්ටර් ජේහෙයුන් ඔලුව වැනුවා...

"අනිවාර්යයෙන්ම එහෙම වෙනවා මිස්ටර් කිම්... බොහෝ දුරට ඒකට ඉඩ කඩ තියෙන්නේ ඔබට කරදරයක් වන මොහොතකයි" ටේහ්යුංට හිතාගන්න බැරි උනා...

අනිවාර්යෙන්ම ජන්කුක් ටේහ්යුංට කරදරයක් වෙන ඕනෑම මොහොතක උදව් කරනවා ඒක නිසැකයි... ඒත් ඒ උදව්ව එයා මොන ආකාරයකින් කරයිද කියලා විශ්වාස නෑ...

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now