chapter 08

958 256 69
                                    

"ජිමින් ඔන්න රණ්ඩු වෙන්න එපා හරිද? බනී ඔයා ජිමිනී හියුන් එක්ක ඉන්න කැමති නේද?" ටේහ්යුං ඇහුවේ සෙටිය උඩ ඉදගෙන ඉස්සරහ බලාගෙන ඉන්න ජන්කුක්ගෙනුයි, ජන්කුක් බලාගෙන ඉන්න දිහා හොරෙන් බලන ජිමින්ගෙනුයි...

ජන්කුක්ගේ ඇස් නැවතිලා තිබ්බේ බිත්තියේ එල්ලලා තිබ්බ රාමු කරපු පින්තූරෙකට... ඒක ලස්සන සුදු පාට බෝලයක් වගේ ඉන්න පුංචි හා පැටියෙක්ගේ එකක්... ජන්කුක් ඒ දිහා බලාගෙන උන්නේ වශී වෙලා වගේ ජිමින් දැක්කා ජන්කුක් බලාගෙන ඉන්න එක...

"ඔයා හාවන්ට ආසද?" ජිමින් ඇහුවේ ජන්කුක් ලගින් වාඩි වෙලා...

ජන්කුක් ජිමින් දිහා බලලා ඔලුව උඩට පහලට කරා... ජිමින් ජන්කුක්ගේ අතින් අල්ල ගත්තා...

"එන්නකෝ මං ඔයාට පුංචි බඩුවක් පෙන්නන්නම්" ජන්කුක්වත් එක්කගෙන එයාලගේ ගෙදර මිදුලට ගියපු ජිමින් වැටෙන් එහාට පැන්නා...

පැනලා ජන්කුක්ටත් එන්න කියලා සන් කරාම ජන්කුකුත් එහාට පැන්නා... දැන් එයාලා ඉන්නේ එයාලගේ ගෙදර වත්තේ නෙවෙයි අල්ලපු ගෙදර වත්තේ...

ජිමින් හොරෙන් හොරෙන් ඒ වත්ත මායිමෙන් අනිත් වත්තටත් පැන්නාම ජන්කුකුත් ජිමින්ගේ පස්සෙන්ම ගියා... තුන් වෙනි වැටෙනුත් පැනලා යන හොරු දෙන්න දිහා ගෙදර ඉදන් ටේහ්යුංනුයි, යුන්ගියි දෙන්නම බලාගෙනයි උන්නේ...

"එයාලා යාලු වෙලා වගේ" ටේහ්යුං යුන්ගිට කිව්වාම යුන්ගි ඔලුව වැනුවා...

"ටේ අපි තවම මිනීමරුව හොයා ගත්තෙ නෑ නේද? සර් කාරයට තද වෙලා වගේ" යුන්ගි කිව්වේ බැල්කනි එකේ වැටට හේත්තු වෙලා...

"එදා හම්බුන ලේන්සුවේ ඇගිලි සලකුණු ලැබුණලු බලමු එකෙන්වත් හම්බ වෙයිද කියලා" ටේහ්යුං සුසුම් හෙලුවා...

"අහපං කොල්ලව උබ යවන්නෙ නැද්ද? එයාගෙ ගෙදර අය බය වෙලත් ඇති බං එක්කෝ කෝල් කරල කියපං"

"කෝල් කරා ආන්සර් කරේ නෑ... අනික පවුලෙ අය කියල ඉන්නේ අන්කල් විතරයි එයාගෙ ඔම්මයි අප්පයි නෑ හරියට එයත් මං වගේ කෙනෙක්" ටේහ්යුංගේ කටහඩ වෙව්ලනවා...

"ඒ උබ හොදින්ද?"

"ඔව් ඒව අමතක කරල දාමු... එයාව හෙට එක්කගෙන යනවා මං"

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now