chapter 25

1K 260 131
                                    

"අනේ නෑ......." ජිමින් අත් වැටේ එල්ලීගෙනම කෑ ගැහුවේ පහල වැටිලා ඉන්න කෙනාව දැකලා...

ජිමින් වැටෙන්න යනවා දැක්ක ජන්කුක් තමා ගැන මොහොතකට අමතක කරලා දාලා ජිමින්ව අල්ල ගන්න ගියේ එයා අත් වැට අත ඇරියා කියන එකත් මුලුමනින්ම අමතකම කරලා දාලා...

ජිමින්ව පස්සට තල්ලු කරද්දී ජිමින් ගිහින් අත් වැටේ බාර් එකක් අල්ල ගත්තත් ජිමින්ව තල්ලු කරපු ජන්කුක්ට අල්ලගන්න තැනක් තිබුනේ නෑ...

තත්පර කිහිපයක් ගත උනු මොහොතේ ජන්කුක් පහල තට්ටුවේ බැල්කනි කොටසට වැටුනේ ඔලුව තාප්පයේ ගැට්ටේ වද්ගෙනමයි...

ජිමින් අත් වැට අල්ලගෙන උඩට එන්න හදද්දී තමයි එයා ජන්කුක් පහල ඉන්නවා දැක්කේ... ජන්කුක් උන්නේ සිහි නැතුව වගේම ඔලුවෙන් ලේ ගලමින්...

ජිමින්ගේ කෑ ගැහිල්ලට ආරක්ෂකයෙක් ඇවිත් ජිමින්ව උඩට ගද්දී වෛද්‍යවරුත්, තවත් පිරිසකුත් ජන්කුක්ගේ තත්වය බැලුවා...

ambulance එකක් ආධාරයෙන් ජන්කුක්ව රෝහලකට අරගෙන ගියේ ඔලුවෙන් ලේ යන එක එතන අයට පාලනය කල නොහැකි උන නිසයි...

"මො-මොකක්ද උනේ? කොහොමද එයා එලියට ආවේ? නෑ එහෙම දෙයක් වෙන්න කොහෙත්ම වෙන්න විදිහක් නෑ... අනේ" ටේහ්යුංට ආරංචිය ලැබෙද්දිත් ජන්කුක්ව හොස්පිට්ල් එකට යවලා ඉවරයි...

ජන්කුක්ගේ තත්වය ගැන අහපු ටේහ්යුං හුගක් කලබල උනා... එයාට උන දේ හිතාගන්න බැරි උනා...

"ජිමින්- ජිමින් කොහොමද එතන උන්නේ? ජන්කුක්ට කොහොමද දැන්?" ටේහ්යුං වාහනේ එනකනුත් හතර වටේටම කෝල් කර කර කෑ ගැහුවා...

ජන්කුක් හොද වෙන්න පටන් ගත්තා විතරයි... මොකක්ද මේ උනේ?

ටේහ්යුං හොස්පිට්ල් එකට එද්දී ජිමින් ජන්කුක්ගේ ඔලුවට මැහුම් දාන දිහා බලාගෙන හොදටම අඩනවා.. ටේහ්යුං දුවලා ගිහින් දොරෙන් ඇතුල් වෙන්න ගියත් එයාට ප්‍රතිකාර අවසන් වෙනකං ඇතුලට යන්න උනේ නැහැ...

ටිකකින් ඩොක්ටර් එලියට ආවම ජිමින්, ටේහ්යුං දෙන්නම ඩොක්ටර්ව හම්බවෙන්න දුවගෙන ගියා...

"ඩොක්ටර් එ-එයාට කොහොමද? එයා හොදින්ද?" ටේහ්යුං කලබලෙන් ඇහුවා...

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now