chapter 19

951 262 21
                                    

"මිස්ටර් හෝසොක් අපිට විස්තරය පැහැදිලිව කියන්න පුලුවනද? මොකද මේ කාරණාව ගැන දන්නේ ඔයා විතරයි" නම්ජූන් අහද්දී හොබී නිශ්ශබ්දයි...

"ජන්කුක්ට මෙහෙම උනේ කොහොමද? එයාට මෙහෙම වෙන්න බලපෑව දේවල්? කොහොමද ඔයා මේව දැනගත්තේ? ඔයා සම්බන්ධ වෙන්නේ කොහෙන්ද? ඒ වගේම දන්නව නම් ජන්කුක්ව හොද කරන්න විදිහකුත් ඕනා..." නම්ජූන් දිගින් දිගටම කතා කලා...

එයාගේ වචන ගැඹුරුයි, තේරුම් සහිතයි... දෙයක් කරන්න කලින් ඒ ගැන හරි හැටි දැනගෙන හිටියොත් කරන දේ උනත් සාර්ථකයි...

ජින් නම්ජූන්ට දිරියක් වෙන්න එයාගේ වෙව්ලන අතක් එයාගේ අත් දෙකට මැදි කරගෙන අතගෑවා... නම්ජූන් කලබල වෙලා...

ටේහ්යුං නම් උන්නේ කකුල් පොලොව මතට වේගෙන් තට්ටු කරමින්, නියපොතු හපන්න පුලුවන් නම් එයා ඒකත් කරයි...

ටේහ්යුංට ඕනා ඉක්මනට මේ දේවල් වලින් ජන්කුක්ව බේරගන්න, හොද කරන්න වගේම එයා ගාවට අරගන්න...

ටික වෙලාවක් කල්පනා කරපු හොබී කතාව කියන්න පටන් ගත්තා... ජන්කුක්ගේ අතීතය, එයාම හැංගුව අතීතය එයා එයාගෙම කටින් කියන්න පටන් ගත්තා...

"මං ජන්ග් කෙනෙක් මගේ අප්පගේ නංගි තමයි ජන්කුක්ගේ ඔම්මා කියන්නේ... පුංචි කාලෙදිම ලොකූ හීනයක් තිබ්බා මටම කියලා ලොකු තැනක් හදාගන්න ඉතින් ඒ හීනෙ වෙනුවෙන් ඉගෙන ගන්න මං රට ගියා... ඔය කාලෙදී තමයි දේවල් සිද්ධ උනේ" හොබී දීර්ඝ සුසුමක් ඉහලට අරගෙන ආපහු කතාව පටන් ගත්තා...

"ජන්කුක්ගේ අප්පා මානසික රෝගියෙක්, එයා අතින් නැන්දව දූෂණය උනා... ජන්කුක්ව බඩට ආවේ ඒකේ ප්‍රතිපලේකිනුයි... ජන්කුක් බඩට ආවම නැන්දට සිද්ධ උනා ජන්කුක්ගේ අප්පව, ඒ තිරිසන් මිනිහව අකමැත්තෙන් උනත් කසාද බදින්න... එයා දුක් වින්දා, මගේ ඔම්මා මං කතා කරාම කතා කලේ නැන්දා ගැන විතරයි... එයාට ඒ තිරිසනා සලකන විදිහ ගැන, එයාට ගහනවලු බනිනවලු, වැඩ කරවගන්නවලු... නැන්දා දුක් වින්දා..." හොබීට ඇඩෙනවා...

"ජන්කුක් ලැබෙද්දී නැන්දා නැති උනෙත් ඒ වින්ද වේදනාවල් දරාගන්න බැරුව තමයි... ජන්කුක්ව මගේ අප්පා අපේ බාරයට ගන්න ගියත් ජන්කුක්ගේ අප්පාගෙන් ඒකට අවසර ලැබුනේ නැහැ..."

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now