chapter 14

965 268 78
                                    

මාස තුනක් හරි ඉක්මනට ගත වෙලා ගියා... මේ මාස තුන ඇතුලත ගොඩක් දේවල් වෙනස් උනා...

යුන්ගිගෙන් පස්සේ තවත් මරණ වාර්තා උනේ නැහැ, ඒත් යුන්ගිත් මැරුනේ නෑ ඒත් එයා සදාකාලික කෝමා තත්වයකට පත් උනා...

යුන්ගීගේ තත්වය නිසා ජිමින් මානසිකව වැටුනා... අඩුම ජිමින්ට දැන් ටේහ්යුං, ජින්, නම්ජූන් ඔය කට්ටියවවත් හරියට අදූරගන්න බෑ...

එයා යුන්ගිගේ රූම් එකේ පුටුවක් උඩ දවසම හූල්ලමින් තමයි කාලය ගත කරන්නේ... ජිමින්ට ඒ හීල්ලුමට අමතරව වෙන කිසිම දෙයක වගතුවක් දකින්න ලැබුනේ නෑ...

ජින්, නම්ජූන් දෙන්නා ජන්කුක්ට විතරක් නෙවෙයි හොබීට විරුද්ධවත් නඩු දැම්මා... එයාලා ලේසියෙන් ජන්කුක්ව අතෑරියේ නැහැ...

අවසානයේ ජන්කුක් අවුරුදු 18 සම්පූර්ණ වෙන්නත් කලින් තනි හිර කූඩුවක තිරිසනෙක්ටත් අන්ත තත්වෙකට පත්වෙන්න සිද්ධ උනා... ඒත් එක දෙයක් එයා කාටවත් කරදර කලේ නෑ...

ඒකට හේතුව පොලිස් කූඩුව ඇතුලේ උන්න කාලේ දවසක ටේහ්යුං ඇවිත් ජන්කුක් ලග වැටීගෙන අඩපු එකමද කියලා හිතන්නත් අමාරුයි...

ඒත් එදායින් පස්සේ ජන්කුක් කලබල කලේවත්, කාටවත් කරදර කලේවත් නෑ... නිශ්ශබ්දව පැත්තකට උනා...

හොබී පිස්සුවෙන් වගේ ජන්කුක්ගේ නිදහස වෙනුවෙන් සටන් කලා... ලොකු ලොකු ලෝයර්ස්ලා ගෙන්නලා කතා කෙරෙව්වා, පගාව දුන්නා ඒත් කිසිම වෙලාවක එයාට බැරි උනා ජන්කුක්ව බේර ගන්න...

හොබීට හිර දඩුවම නම් ලැබුනේ නෑ 'මිනීමරුවෙක් සගවා තබා ගැනීම' කියන එකෙන් ඒත් ඒ වෙනුවට එයාව නිවාස ආඩස්සියට දැම්මා... මොකද හොබීට කරපු පරීක්ෂණයකදී තහවුරු උනා එයාට එක දෙයක් ආරක්ෂා කර ගැනීමට පෙලඹීම කියන තත්වය යටතේ මානසික ප්‍රශ්ණයක් තියෙනවා කියලා...

එතකොට යුන්ගි සදාකාලික කෝමා එකක, ජිමින් මානසිකව වැටිලා, නම්ජූන් ජින් දෙන්නා එදිනෙදා වැඩ කරගෙන ජිමින්වයි, යුන්ගිවයිත් බලාගන්න ගමන් දුකින් කාලය ගෙවල දානවා, හොබී නිවාස අඩස්සියේ, ජන්කුක් හිරේ නම් කොහෙද ටේහ්යුං?

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now