chapter 24

1K 260 100
                                    

"මට හිතෙන්නේ එයාට පරණ මතකයන් මතක් වෙන්න අරගෙන වගේ මිස්ටර් කිම්... එයා කලබල කරන්න නම් හේතුව ඒ මතකයන් එයාට ඒ තරම් ලස්සන දේවල් නොවන නිසයි..." ජන්කුක්ගේ කලබලකාරී ස්වභාවය අධ්‍යනය කරපු ඩොක්ටර් ජේහෙයුන් ටේහ්යුංට ඒ පිලිබදව එයාගේ නිගමනය ඉදිරිපත් කලා...

"ඒකෙන් එයාට කරදරයක් වෙයිද ඩොක්ටර්?" ටේහ්යුංට තිබ්බ එකම බය උනේ ජන්කුක්ට කරදරයක් වෙයිද කියලා...

මොකද ඊයේ ජන්කුක් ඇඩුවා... ටේහ්යුං කවදාවත් ජන්කුක් අඩනවා දැකලා නැහැ...

"නැහැ ඒත්- කියන්නත් බැහැ... මගේ නිගමනය අනුව ජන්කුක්ට හැගීම් කියන දේවල් අලුත්- ඒ කියන්නේ එයා කලින් හැගීම් වලින් තොරව ජීවත් උන කෙනෙක්" ඩොක්ටර් ජේහෙයුන් තවත් විස්තර කලා...

"ඩොක්ටර් ඕනම කෙනෙක්ට හැගීම් තියෙනවනේ... ඒව ඉපදෙනකොටම කෙනෙක්ට දැනෙන දේවල් ඉතින් ඒව නැති වෙනව කියන්නේ මොකක්ද?"

"නැතිවෙලා නෑ මිස්ටර් කිම්, ඒවා යටපත් වෙලයි තිබිල තියෙන්නේ... ජන්කුක් වෙන දරුවෝ වගේ නෙවෙයි කැපෙන දේවල් එක්ක සෙල්ලම් කරපු කෙනෙක්... එයා මිනිස්සු මරපු කෙනෙක් මිස්ටර් කිම්ම දන්නවා ඇතිනේ එයා මරපු අයගේ තත්වය ගැන- කොහොමද මරල තියෙන්නේ කියන එක එහෙම" ඩොක්ටර් ජේහෙයුන් එයාගේ ඇහිබැම හකුලලා කිව්වා...

"ජන්කුක් හොද වෙයිද ඒ කියන්නේ?"

"දැනට නම් ඔව්"









"ටේ ඔයාව ජින් හෙව්වා" ගේ ඇතුලට ගොඩ උන ටේහ්යුංට ජිමින් කිව්වා...

"ඒ මොකටද අලේ?" ටේහ්යුං ජිමින්ගේ කම්මුල් මිරිකුවත් වෙනද වගේ ජිමින් කෑ ගහගෙන ටේහ්යුංට ප්‍රති ප්‍රහාර නම් දුන්නේ නෑ...

"දන්නෙ නැහැ ටේ..." ජිමින් වතුර එකක් බීලා ආපහු කාමරේට ගියා...

'ඔයාලා එයාව ඉක්මනට තේරුම් ගනීවී ජිමින්...' ටේහ්යුං තමන්ට කියාගෙන ජින්ව හොයාගෙන ගියා...

"ජින් හියුන් ඔයා මාව හෙව්වද?" ටේහ්යුං ජින්ගේ කාමරයට තට්ටු කරා...

"පොඩ්ඩක් ඉන්න ටේ..." ඇතුලේ ඉදන් කෑ ගැහුව ජින් විනාඩි දෙකකට පස්සේ එලියට ආවා...

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now