chapter 20

995 255 35
                                    

හොබී එක්ක කරපු කතා බහෙන් පස්සේ එයාලා තීරණය කලා නම්ජූන් කිව්ව දේ අත්හදා බලන්න... මොකද ජන්කුක්ව තවත් ඒ අපාය තුල තියන්න කිසිම කෙනෙක් කැමති උනේ නැහැ...

ජන්කුක් උන්න බන්ධනාගාරය දිහා බලාගෙන සුසුමක් හෙලුව ටේහ්යුං පලවෙනි අඩිය තියලා ඒක ඇතුලට ඇතුලු උනා....

හදවත වේගෙන් ගැහුනත්, අත පය වෙව්ලුවත් ටේහ්යුං ඉස්සරහටම ඇවිදගෙන ගියා...

ජන්කුක් සමග පහුගිය වතාවේ කතා කරපු කාමරේටම ඇතුලු උන ටේහ්යුං ජන්කුක් එනකං බලාගෙන උන්නා...

ටිකකින් නැවතත් බලාපොරොත්තු පොදි බැදපු ඇස් දෙකකින් ජන්කුක් ඒ කාමරේට ඇතුලු උනේ ටේහ්යුං බලාගෙන ඉද්දීමයි...

'බනී වෙනුවෙන් මේ දේ කරමු' තමන්ගෙම හිතට කියාගත්ත ටේහ්යුං පුටුවෙන් වාඩි උනේ ජන්කුක් එයා දිහා බලාගෙන හිනා වෙවී ඉද්දී...

"බනී කෑම කෑව නේද?" ටේහ්යුං ජන්කුක් ඔලුව උඩට පහලට කරා...

ජන්කුක් කවදාවත්ම ටේහ්යුංට කියන්නේ නැති වෙයි එයා ඊයේ දවල් ඉදන් මුකුත්ම කාලා නෑ කියන එක...

"බනී බබා මං කියන දේ කරනවා නේද?" ටේහ්යුං සැකෙන් ඇහුවා...

මොකද තවමත් එයාලට තියෙන්නේ ජන්කුක්ගේ හැසිරීම ගැන දල අවබෝධයක් විතරයි...

"ඔව්" ජන්කුක් කතා කරා...

ටේහ්යුංට දැනුනේ කියගන්න බැරි සතුටක්... ජන්කුක්ගේ කටහඩ ඇත්තටම පුංචිම දරුවෙක්ගේ වගේ සියුමැලී...

"පොඩ්ඩක් මගේ ලගට ලං වෙන්නකෝ..." ටේහ්යුං කියද්දී ජන්කුක් වීදුරුවටම ඇලුනා...

ටේහ්යුං ජන්කුක්ට ලගට කතා කලේ එයා මේ කියන්න යන දෙය කාටවත් ඇහෙන්න ඕන නැති නිසයි...

"හියුන් කියන දේ හොදට අහ ගන්නවා නේද මගේ බනී බබා" ජන්කුක් වීදුරුවෙම 'ඔව්' කියන්න නලල ඇතිල්ලුවා...

"ම-රන්න.. ඔයාට කරදරයක් කරන නරක අයව මරන්න" ටේහ්යුං වෙව්ලුවා...

එයා කොහොමද කියන්නේ තවත් කෙනෙක්ව මරන්න කියලා... ඒත් අර වගේ තිරිසන්නු තවත් ජීවත් විය යුතු නැහැ...

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now