Yibo's POV
මං මගේ කැස්පි බබාවත් ඇදගෙන liabary යට ගියා..ගියා කිවුවට මං රිංගුවා කිවුවොත් හරි...ඒකට කියන්නෙ රිංගනවා කියලද?මොකක් හරි...ඒක වැඩක් නෑනෙ දැන් ... කොහොම හරි මං අර මිස්ගෙන් බේරිලා මගේ කැස්පියවත් ඇදගෙන liabary එකට ආවා....ඇයි යකෝ දැකලා ආය පැන්නුවොත් විලි ලැජ්ජාවේ සොම්නසේ බෑනෙ..කැස්පියා ඉස්සරහා එහෙම උනොත් අම්මපා මං වලක් කපන් මේ liabary ය මැදම වැලලෙනවා...එතකොට පොත් කියවන්න එන උන්ව බය කර කර හිටිත හැකි...මරු වැඩේ හැබැයි ඒකත්..ඒ උනාට කැස්පියා එක්ක ඉන්නවා තරම් ඔය මොකක්වත් වටින් නෑ මගේ සිඟිති හිතට...
හැබැයි එයත් එක්කම වැලලුනත් හරි.දෙන්නටම එකට එක එකාව බය කර කර ඉන්න කිබ්බා.... නෑ හැබැයි අපි දෙන්නට තනියම කරන්න ඕන තරම් වෙන වැඩත් තියන නිසා ඔව්වා කොරම් නැති වෙයි....අපිව කාටවත් පේන්නෙත් නෑනෙ..සෝයි..මට හිතෙන හිතෙන තැන එයාව පෙරලන් කන්න තිබුණා.... අනේ අපි එකට මැරෙමුද කැස්පියො...🐰බෝ බෝ
මනෝ ලෝකෙන් එළියට එන්න නම් ඉතින් ඒ sweet voice එක ඇහෙන්නම ඕනි මට....හොඳ වෙලාවට මං හිතන ඒවා දන් නෑ..නැත්තම් බෝ බෝ නෙමෙයි මගේ මූනවත් නොබලා දුවන්නෙ මං දන් නැද්ද....
මං එයා දිහා බලලා ඇස් වලින් ඇයිද ඇහුවා..( ඔව් ඔව් මෙච්චර වෙලත් එයා දිහා තමයි බලන් හිටියෙ....මං කරේ ඇස් වලින් ඇයිද අහපු එක විතරයි අලුතින්)
එයා හිටියෙ මට හරියටම සූටි දුරකින් හරියටම මැන්නොත් මං දන් නෑ.මට ගණන් බෑ...
එයා පොත් ගුල්ලෙක්ද මන්දා
හාවා ගුල් හාරනවා වගේ පොත් රාක්කෙ අස්සටම ඔලුව දාන් පොත් හොයන්නෙ... දැන් ඔය කතා කරනවා ඇත්තෙ මේ පොත හොඳයිද අහන්න වෙන්න ඇති..😒😒😒.මං දන්න මළ පොතක් නෑ ..ජීවිතේට ඉවර වෙනකම් කියවපු එකම පොත මගේ බැංකු පොත විතරයි...ඒකටත් සතුටු වෙන්න පුලුවන් අවසානයක් තිබ්බෙ නෑ.මඟුල මං නම් කියවයි පොත්...🐰 ඔයා සතුටින්ද ඉන්නෙ?
මොකක් එයා පොතක් ගැන නෙමේද අහන්නෙ ඒ..ඇයි මගේ මූනෙන් දුකක්වත් පේනවද?ඔව් ඉතින් නැව ගිලුනත් බෝට්ටුවෙන් පැනලා ඇවිත් පාලු දූපතක හිර උනා වගේ පැය 24ම ආතල් එකේ ඉන්න මං මොකට දුක් වෙනවද නැද්ද?
YOU ARE READING
🅼🆈 🅲🅰🆂🅿🅴🆁❣️(yizhan ❤️🐰🦁💚 Completed )
Fanfictionමේ ලෝකෙ ඕනි තරම් ආදර කතා ඇති එකට හිනා වෙනවට වඩා කරේම එකට තුරුල් වෙලා අඩපු එක උනු... අපේ කතාවත් ඒ වගේ... ඒත් වැදගත්ම දේ අපි එකට ඉදන් හිනා නොවුනා කියන දේ නෙමෙයි... අපි අඬද්දිවත් අපිව තනි නොකරපු එක... ඇඩුවත් හිනා උනත් එතන ඉන්නෙ එයයි මමයි විතරක්ම වෙද්දි...