14 ✨️

350 109 26
                                    

බලෙන්ම yiboව කාර් එකට දා ගත්ත වොට්සන් එයාට පුලුවන් තරම් හයියෙන් car එක drive ක⁣රන් ගියා..

........................................................................................

Yiboවත් වොට්සන්වත් රැගෙන වේගයෙන් ඉදිරියට ඇදුනු මෝටර් රථයට යා හැකි වූයේ මඳ දුරක් පමණි...

වේගයෙන් ඔවුන් දෙසට පැමිණි බස් රථයක ගැටීමෙන් මොටර් රථය ගොස් නතර වූයේ අසල පිහිටි විශාල කොන්ක්‍රීට් කණුවක් අසලයි....

ගන්න දෙයක් නෑ ....

බස් එකේ නම් කාටවත් අවුලක නෑ වගේ....

කාර් එකේ හිටපු අයව දැක්කද..

ඒ එක්කෙනෙක්ගෙ මුලු මූනම ලේ වලින් වැහිලා...

ඒ එයාගේ හිස් කබලෙන් ගලන් ආව ලේලු...

එයා නම් එතනම ඉවරයි වගේ..

අනික් කෙනා ගැනත් එහෙමම තමයි......

පව් පොඩි කොල්ලෙක්ලු නේද...

මිනිහටත් අමාරුයිලු..

හොස්පිටල් ගෙනියනකම්වත් ඉදීද සුවර් නෑ කියන්නෙ...

කාර් එක නම් ගන්න දෙයක් නෑ...

ව⁣ට පිටාවෙන් ඇහෙන හදිසි ඒකකවල සංඥා ශබ්දවලට අමතරව එතැනට එක්රැස් වූවන් රුසකගේ මෙන්ම මුලු ප්‍රදේශයේම ජනතාවගේ දිනයේ ප්‍රධානම මාතෘකාව ඒ රිය අනතුරට පත්ව ඇති බවක් ඇසෙන්නට ලැබෙන දේවල් වලින් පසක් විය...

.................................................................................
බින් හිටියේ operation theater එක ළඟ තිබුන පුටුවක වාඩිවෙලා..ඔලුවත් දණිස් අස්සෙ ඔබාගෙන...

දැන් පැය 48ක් විතර බින් හිටියෙ මෙතනමයි...ඒ මුලු වෙලාවෙම එයා හිටියෙ අඬ අඬ ... එතනින් එහාට මෙහාට යන හැම doctor කෙනෙක්ගෙන්මයි හැම nurse කෙනෙක්ගෙන්මයි එයා ඇහුවෙ එකම එක ප්‍රශ්නයයි...

Doctor ,කොහොමද yiboට ... කොහොමද ඒ patient ට...

ඒත් එයා අහන yiboගැන කියන්න දෙයක් ඒ අයට තිබුනෙ නෑ..මොකද ඒ එයාලගෙ patient නොවිච්ච නිසා....

Accident වෙලා ආපු yiboට පැය 36ක operation එකක් තිබුනෙ..ඒත් operation එක වෙලාවෙ එයාගේ blood pressure එක වැඩි උන නිසාම operation එකට තවත් ලොකු වෙලා වක් ගියා...

  🅼🆈 🅲🅰🆂🅿🅴🆁❣️(yizhan ❤️🐰🦁💚 Completed  )Where stories live. Discover now