No ones POVZhan හිටියෙ ජීවිතේ එයා වැඩිපුරම වෛර කරන ආය තමන්ගෙ ඇස් වලට දකින්න ඕනි නැති කෛනෙක්ගෙ රෑපයක් එයාගේ අත් වලින්ම අදින ගමන්...
ඒත් වෙනදා වගේ තමන්ගෙ අතීතෙ මතක් වෙද්දි එයාගේ හිතට බයක් දැනුනෙ නෑ...
ඔව් ඒකට හේතුවක් තිබුනා ...ඒ හේතුව එයාගෙ දකුනු අත පැත්තට වෙලා එයා අදින සිතුවම දිහා වෙනුවට එයාගේ ඇස් දිහාම බලන් හිටියා...
"බෝ බෝ.."
Zhan මිමිනුවෙ සිතුවම් කරන ගමන්මයි...
"ම්ම් කියන්න බබා..."
"නිදිමතේ නේද ඉන්නෙ..."
Yibo දැනටත් දෙපාරක් විතර ඇස් පියව පියව අරිනවා zhan දැක්කා ...zhanට තනියම ඉදන් ඒ මිනිස්සුන්ගෙ රෑප අදින්න බැරි නිසාමයි yiboමේ එයාගේ ලග තනියට ඉන්නෙ...
"ම්ම් සුට්ටක් විතර.."
" එන්න මෙතන්ට "
Zhan කිවුවෙ වාඩිවෙලා ඉන්න එයාගේ ඔඩොක්කුව පෙන්නන ගමන්...
ඒත් yibo zhan දිහා බලන් හිටියෙ ඇත්තටමද වගේ ,look එකකින්...
"එන්න මෝඩයො ඔහොම නිදි කිර කිර ඉදලා කැම්පස් ගිහින් ඉන්නෙ කෝමද ආහ්.."
Zhan එහෙම කියලා yiboව ඇදලා අරන් තමන්ගෙ කකුල් දෙකේ එයාගෙ ඔළුව තියාගන්න ඉඩ දුන්නා..
Yiboත් තමන්ගෙ කොට්ටෙ කියලා හිතන් වගේ zhanගෙ බද වටේට අතුත් පටලන් ඒ කුසේ වදින නොවදින ගානට තමන්ගෙ ඔළුව තියන් ඇස් පියා ගත්තෙ දිග නින්දක් එයාව හොයන් එද්දි...
තවත් පැයකට විතර පස්සෙ zhan ඕනි කරපු අන්තිමම සිතුවමත් ඇදලා ඉවර වෙද්දි yibo තද නින්දකයි හිටියෙ. .
එක පාරටම එයාව ඇහැරන්න ලෝභ උන zhan තමන්ගෙ අතක් අරන් ඒ හිස හිමින් පිරිමැද්දෙ කියාගන්න බැරි නුහුරු හැඝීමක් හිත හරිවටිටනවා වගේ දැනෙද්දි...
මොකක්ද මට ඔයා ලග ඉද්දි දැනෙන නුහුරු හැගීම බෝ බෝ....ඔය උනුහුම ලැබෙනකම් ආත්ම ගානක් පෙරුම් පිරුවා වගේ මට දැනෙන්නෙ...අපි දෙන්නම් මොකක්දෝ එකම වේදනාවක් වින්දා වගේ දැනෙනවා...ඒ මොන දේ උනත් ඔයා ළග ඉද්දි මට ලොකු සැනසීමක් දැනෙනවා...ලොකු ආරක්ෂාවකුත්...
YOU ARE READING
🅼🆈 🅲🅰🆂🅿🅴🆁❣️(yizhan ❤️🐰🦁💚 Completed )
Fanfictionමේ ලෝකෙ ඕනි තරම් ආදර කතා ඇති එකට හිනා වෙනවට වඩා කරේම එකට තුරුල් වෙලා අඩපු එක උනු... අපේ කතාවත් ඒ වගේ... ඒත් වැදගත්ම දේ අපි එකට ඉදන් හිනා නොවුනා කියන දේ නෙමෙයි... අපි අඬද්දිවත් අපිව තනි නොකරපු එක... ඇඩුවත් හිනා උනත් එතන ඉන්නෙ එයයි මමයි විතරක්ම වෙද්දි...