chapter 1 (who is he?)

3.7K 377 16
                                    

අඳුරුයි, අමුතුය, අන්ධකාරයි, අභ්භූතයි
ඒ වගේම ඇබ්බැහි වන සුළුයි.
සීතලයි,
හිරිය මුළු ඇග පුරාම දුවන විට ඔහු තියුණු දෑස් ඇරල බැලුවම ඔහු දැක්ක, හතරවටින්ම අන්ධකාරය රජ කරනව මෙන්ම මහා රූස්ස ගස් ඒ අන්ධකාරයට සවියක් වෙනව.
"මම ආසම අන්ධකාරයට, මම ආසම අඅඳුරු වැහිමන්දාරමෙන් පිරිල තියෙන මේ මාවම අතරමං කරවන විශාල කැලෑවට, නිශ්ශබ්ද කමට"
ගැඹුරු, ගොරෝසු ඔහුගේ කටහඩ අන්ධකාරය තුලින් දෝංකාර දුන්න


දෑස්,
අඳුරු කැලෑව තුලට ගිලිහිලා තිබුණු ඔහුගේ දෑස් රක්ත වර්ණයෙන් දිලිසුනා.

නාසය,
දිගටි වාත්තු කලා වැනි ඒ නාසය හරියට ඉව කරනව වගේ
"ග්‍රිර්ර්ර්..... මොකද්දසුවඳ"

තොල්,
දම්,රතු පැහැය ගැන්වුනු ඒ දෙතොල් වල නිතරම හිනාවක් තිබ්බ. හැබැයි ඒ හිනාව ගුප්තයි, අමුතුයි හරියට ඇස් අවට තියෙන අඳුරු විශාල කැලෑව තරම්ම.

ඒ මුහුණ,
ලස්සනයි------- නෑ පුදුම තරම් කඩවසම්. ලස්සන කියන වචනෙ ගැලපෙන්නෙ නෑ කොහෙත්ම.

පළල් උරහිස්, අඩි හයකට වැඩි උස, පිරිපුන් ඇග, කඩවසම්.... කඩවසම්... ඔහු කඩවසම් බවේ ප්‍රතිමූර්තියක්!!!



රීඩර්ස්
පටන් ගැන්ම කොහොමද
කව්රු ගැන ද විස්තර කලේ කියල දන්නව ඇති කියල හිතනව 😌

So bye 💜️💚



||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now