chapter 3 (Luna)

1.7K 344 5
                                    

 "ටේහ්‍යුන්ග් උදෙන්ම කොහෙද ගියේ "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ටේහ්‍යුන්ග් උදෙන්ම කොහෙද ගියේ "

විශාල මැන්ශන් එකක් ඉස්සරහ වාහනය නැවත්තුවම ටේහ්‍යුන්ග් කෙලින්ම ගියේ තමන්ගේ කාමරය තියෙන පැත්තට. හැබැයි ටේහ්‍යුන්ග් නැවතුනේ ලූනගෙ හඩට.

"නොදන්නව වගේ බොරුවට ප්‍රශ්න අහන එකට මන් කැමති නෑ.. ලූනා!!! නැත්තන් ඔයාගෙ ඔත්තුකාරයො ටිකට කියන්න අමතක උනාද?"
කට කොනේ තිබ්බ හිනාවක් එක්ක රතු උන දෑස් වලින් ලූනා දිහාට හැරිල බලල කිව්ව ඇල්ෆා කිම් තවත් රැදිල ඉන්නැතුව හැරිල ගියේ වූ ශින් ඒ පිටිපස්සෙන් ම යනකොට.

එතකොට ලූනා!,
හෙමත් නැත්තන් ජියෝන් මියොන්ගි ටේහ්‍යුන්ග් ගෙ රතු ඇස් දිහා බැලුවම ගැස්සුනත් ඒ බව නොපෙන්වා වෙනතක් බලාගත්තෙ ටේහ්‍යුන්ග් ඇයව ගනන් නොගෙනම යනකොට.

"වූ ශින් තමුන් එළියෙන් ඉන්නව"
ටේහ්‍යුන්ග් හිටියෙ තමන්ගෙ අප්පගෙ එහෙම නැත්තන් හිටපු හෙඩ් ඇල්ෆා කිම් දේහ්‍යුන්ගෙ කාමරය ඉස්සරහ.
දොර ඇරල ඇතුලට ගියපු ටේහ්‍යුන්ග් තමන්ගෙ අප්පට හිස නමල ආචාර කලා.

(👆Dheahyung room)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(👆Dheahyung room)

"මෝ'නින් අප්ප!
ඔයාට කොහොමද"

" ගුඩ් මෝ'නින්
මන් හොදින් පුතා..  පොඩි ඔලුවෙ කැක්කුමක් තිබ්බත් අවුලක් නෑ... හැමදාම තියෙන එකනේ. ඔම්ම එක්ක කතා කලාද පුතා?"

"මගේ ඔම්ම නැති වෙලා දැනට අවුරුදු පහක් අප්ප!!!"
ටේහ්‍යුන්ග් ගෙරෙව්වම ටික වෙලාවක් යනකම් කාමරය තුළ තිබුනෙ නිහඩ බවක්.



දේහ්‍යුන්ග් ඉදන් හිටපු පුටුවෙන් නැගිටල ඉස්සරහ හිටගෙන හිටපු ටේහ්‍යුන්ග් ලගට ගිහින් උරහිසෙන් අත තිබ්බ.

"මන් දන්නව ටේ, ඔයාගෙ ඔම්මා වෙන්න කලින් එයා මගෙ මේට්, මගෙ පන, මගේ ආදරේ"

බිදුනු කටහඩක් එක්ක දේහ්‍යුන්ගෙ කටින් වචන පිටවුනාම ටේහ්‍යුන්ගෙ ඇස් වලත් කදුලු පිරුනා ඉස්සර තමන්ගෙ ඔම්මයි අප්පයි හිටපු විදිහ මතක් වෙලා.
ඒත් ආයෙම කේන්ති ගියපු ස්වරූපයක් ටේහ්‍යුන්ගෙන් පෙන්නුවම ඊලගට ටේහ්‍යුන්ග් අහන ප්‍රශ්නෙ දේහ්‍යුන්ග් හොදාකාරවම දැනගෙන හිටිය. හැමදාම අහන හින්ද!

" එහෙනම් ඇයි ඔම්ම නැති උන ගමන් අලුත් ලූනා කෙනෙක් පත් කලේ"
                                  .
                                  .
                                  .
                                  .
                                  .
                                  .
                                  .
                                  .
                                  .
                                  .

"මොකද ඒක තමයි මගේ හොදම යාලුවගෙ අවසාන ඉල්ලීම....හැමදාම ඔයාට කියනව වගේ"


------------------------------------------------------------------------

Bye💚💜️

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now