Chapter 22 (omega has chenged a little bit)

1.3K 241 18
                                    

පුර හද පායලා තිබුන රැයේ වෘකයො රැලක් දුවමින් හිටියා දුවන වෘකයන් සේරම ඇල්ෆා වගේ ම ඉස්සරහින් ම දුවන විශාල තනි කළු වෘකයා ටෘ බ්ලඩ් වුල්ෆ් කෙනෙක් උනා  කදුකරයෙ ඇතුලට යන්න යන්න දැනෙන සීතල වැඩි වෙනකොට හැම වෘකයෙක්ටම ඒක දැනුනා v දත් තද කරගෙන එළියට පේන්න විලිස්සුවලා ගෙරෙව්වා කැලෑ වෘකයන්ගෙ ඉව ලග ලගම දැනෙනකොට v තවත් වේගෙන් දිව්වා

"Suga ඔයාගෙ පහළොස් දෙනා අරගෙන ඉස්සරහට යන්න මන් කදවුරු වලට පිටිපස්සෙන් එන්නම්!!"

V මාර්ගය වෙනස් කරල දකුණු පැත්තට ගියේ එයා පස්සෙන් තවත් වෘකයො පහළොස් දෙනෙක් දුවනකොට
Suga දිගටම ඉස්සරහට දුවගෙන ගියා අමුතු පුංචි රස්නයක් එක්ක දැනුන, ඉවේ අඩු ගතියක් දැනුනම suga වේගෙ අඩු කලා ඉස්සර තිබ්බ ටිකක් විශාල කලු ගල් උඩින් වේගෙන් පැන ගිය suga කදුකරයෙ ගස් වලින් වටඋන තනපිටියෙ කැලෑ වෘකයන්ගෙ කූඩාරම් ඉස්සරහ නැවතුනා කදවුරෙ තැනින් තැන එලිය ඕනවට පන්දම් පත්තු කරල තිබුනා

වැඩි වෙලා යන්න කලින්ම sugaට තේරුනා පේන මානෙ තියෙන කුටි වල කව්රුත් නැති බව suga තමන්ගෙ කණ්ඩායමත් එක්ක හෙමින් බර අඩි තියන ගමන් කුටි මැදින් තිබුන පටු පාරෙ ඉස්සරහට ගියා රතු පාටින් ප්‍රධාන කුටිය මැදට වෙන්න තියෙද්දි යුන්ගිට පරන මතක එකින් එක මැවුනා හැබැයි අපහැදිලිව. මොකද එයා එතකොට පොඩියි හුරුපුරුදු ඉවක් දැනුනම යුන්ගි කලබලෙන් ඉස්සරහට ගියා 

තමන්ගෙ ඉස්සරහ කකුල් දෙකට නූලක් වගේ යමක් පැටලුනා කියලා දැනුනම යුන්ගි ඉක්මනට නතර උනා යුන්ගිගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා නූලට පටලවලා තිබුන ගිනි පන්දමක් රතු පාට විශාල කුටියෙ රෙද්ද උඩට වැටුනම ඒ මොහොහෙතම ගින්න කුටිය ඉස්සර කොටසෙ පුරා පැතිරුනා

යුන්ගි දිගටම බලාගෙන හිටියා ප්‍රධාන කුටියෙ ඉස්සරහ රතු රෙද්ද ගින්න එක්ක පිච්චිලා යනකොට කුටිය ඇතුලෙ ඉන්න කෙනාව ගින්දර අතරින් යුන්ගිට පේන්න ගත්තා

යුන්ගි දැක්කා ලා දුඹුරු පැහැ ඇස් දෙකක්. පුංචි කාලෙ ඉදන් තමන් ආදරේ කරපු තමන්ගෙ අප්පා ආදරේ කරපු ඒ ඇස් දෙක කදුලු පටලයකින් වැහිල තිබුනා හැබැයි ඒ සතුටට. මැරෙනව කියල දැන දැනත් තමන්ගෙ පුතා ලොකු වෙලා ශක්තිමත් වෘකයෙක් වෙලා ඉන්නව දැකපු සතුටට.  ඇයව විශාල යකඩ කූරු තිබුන කූඩුවක අත් කකුල් ගැට ගහල කට වටේට රෙදි කෑල්ලක් තදට ඔතලා තිබුනා

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now