Chapter 25 ( soobin )

1.1K 231 24
                                    

ටේහ්‍යුන්ග් උදෑසනම කිම් මැන්ශන් එක්ට ආවා ටේහ්‍යුන්ගෙ ඇස් විඩාබර බවින් පිරිලා තිබුනා.. හැබැයි වෙනදට වඩා පුංචි සැනසීමක් ඒ තියුණු විඩාබර ඇස් වල පේන්න තිබුනා සමහර විට ඒ ඇල්ෆා දේහ්‍යුන්ගෙ සැත්කම සාර්ථක වෙලා ඊයෙ රෑ සිහිය ආපු නිසා වෙන්න පුලුවන් ටේහ්‍යුන්ග් ලොකු හුස්මක් ගත්තා ටේහ්‍යුන්ග්ට දැනුනා මිසිස් මින්ගෙ ඉව සහ මිසිස් පාර්ක්ගෙ ඉව අනිත් අය ගෙදර නෑ. හැබැයි ඒ ඇයි කියල ටේහ්‍යුන්ග් දැනගෙන හිටියා ටේහ්‍යුන්ග් එහෙම්මම උඩ තට්ටුවට ගිහින් තමන්ගෙ කාමරේ දොර ඇරලා ඇතුලට ගියා වෙනදට තමන් දකින්න ආසම උදේට නිදිනිසා පියවුනු බෝල ඇස් වත්, තමන් විදින්න ආසම සුවඳ වත් තවත් දකින්න විදින්න නෑ කියල මතක් උනාම ටේහ්‍යුන්ග් එහෙම්මම ඇද ලගට ගිහින් ජංකුක්ගෙ කොට්ටෙ තමන්ගෙ පපුවට තුරුල් කරගත්තා

ජංකුක් නැතුව ටේහ්‍යුන්ග් සතියක් හිටියෙ කොහොමද කියල ටේහ්‍යුන්ග් දැනන් හිටියෙ නෑ ඒ වගේම ටේහ්‍යුන්ග් අද තමා සතියකට පස්සෙ මැන්ශන් එකට ආවෙත් ගෙව්න සතිය ටේහ්‍යුන්ග්ට අවුරුද්දක් වගේ දැනුනා... දැනෙනවා... තාමත්!! මුළු ග්‍රොජස් වනාන්තරයම, කලින් ලූකස්ගෙ කදවුරු තිබුන කදවුරු හරියෙම ටේහ්‍යුන්ග් තමන්ගෙ ආරක්ෂකයො එක්ක එක දිගට රැයවල් නොනිදා පීරමින් ජංකුක්ව හොයන්න ඇති!! ටේහ්‍යුන්ග් ජංකුක්ව මනසින් සම්බන්ධ කරගන්න හදන හැම වෙලාවෙම එහෙම නොවෙන කොට ටේහ්‍යුන්ග්ට බයක් අමුත්තක් දැනුනා

"මගෙ කුකී, මගෙ ඔමේගා ඔයා පරිස්සමින් නේද අපෙ පැටව් එක්ක
බය වෙන්න එපා මන් ඔයාව ඉක්මනට හොයාගන්නම්"
ටේහ්‍යුන්ගෙ ගැඹුරු හඩ නිශ්ශබ්ද කාමරය පුරාම දෝංකාර දෙන්න ගත්තා














"ම-මට යන්න දෙනවා!!"
ගොරෝසු නැති ඒත් තද කටහඩක් වහලා දාපු කාමරක් තුලින් පිට උනා.. ජංකුක් හිටියෙ පුංචි කාමරේක. දිග නිල් පාට ගව්මෙ මඩ ගෑවිලා අදුරු වෙලා තිබුනා බෙල්ල ලගට දිග සිනිදු කොන්ඩෙ අවුල් වෙලා විසිරිලා තිබුනා ඇස් වල කදුලු පිරිල තිබුනත් එක බිදුවක්වත් වැටෙන්න නොදී ජංකුක් පරිස්සම් කලා ඒයාට ඕන උනේ අඩනවනම් එයාගෙ ඇස් වලින් වැටෙන කදුලුත් තමන්ගෙ ඇල්ෆාට දෙන්න.. ටේහ්‍යුන්ගෙ පපුවෙම විතරක් අඩන්න.. ජංකුක් තමන්ගෙ ගැටගහල තිබුන අත් ලිහාගත්තා දගලනකොට ඒ අත් තදින් බැදලා තිබුන ලණු වලට තවත් රතු වෙලා සීරිලා ගියා ජංකුක්ගෙ ඉදිරියට නෙරා ආපු බඩ ටිකක් ලොකු වෙලා තිබුනා
වුල්ෆ්ල කියන්නෙ ගැබ් කාලෙ ඉක්මනට වර්ධනය වෙලා ඉක්මනට එලියට එන අය!!

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now