Chapter 11 ( Alpha dhehyung )

1.3K 296 5
                                    




ජංකුක් එක්ක යුන්ගි කන්‍යාරාමෙන් කාටත් නොකියා ඇහිත් අදට දින දෙකක් ගත වෙලා තිබුනා වගේම ජංකුක් හමුවුනා කියන එක කාටත් අභිරහසක්. මොකද ටේහ්‍යුන්ග් නැත්තන් ඇල්ෆා කිම් අකමැති උනා අවධානමක් ගන්න. ඒ නිසාම ටේහ්‍යුන්ග් තීරණය කලා ජිමින්ට අයිති කව්රුත් නොදන්න පැක් එකෙන් පිට තිබුණු ගෙදරක ජංකුක් එක්ක යුන්ගිව නතර කරන්න.
හැබැයි දැන් ඇල්ෆා දේහ්‍යුන්ග් දැනගන්නයි යන්නෙ....

"අප්පා   පුදුමයි නේද?"

ඇල්ෆා දේහ්‍යුන්ග් තමන්ගෙ ඇස් ඉස්සරහ තියෙන රුව දිහා පුදුමය පිරුණු ඇස් වලින් බලා හිටියා. මේ රූපය තමන්ට හුරුයි වගේ ඔහුට දැනුනා. ඒත් ටිකක් වෙනස්. ඔහුට හිතුනා..

"ගු-ගුකී දුව? ගුකී දුවද මේ..?
ඒත් වෙනසක් තියෙයි"

දිග සුදු පාට ගව්මකින් සැරසිලා හිටපු ජංකුක් දිහා ඇල්ෆා දේහ්‍යුන්ග් තවමත් පුදුමය පිරි ඇස් වලින් බලා හිටියා.
අවුරුදු හයකට ආසන්න කාලයක් කාන්තා ඇදුම් ඇදීමට හුරු වෙලා හිටපු ජංකුක් කලිසම්, කමිස වලට වඩා දිග ගව්න් වලට ආස කලා.කොහොම උනත් එයා ඔමේගා කෙනෙක්. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම ටිකක් දිගට උරහිස් වල ගෑවෙන තරමට වැවිලා තිබුණ කොණ්ඩය එක්ක ජංකුක් ඇත්තටම පුදුම තරම් ලස්සනයි!!

"නෑ අප්පා...   මේ ජංකුක් "

ටේහ්‍යුන්ග් උත්තර දුන්නම වූ ශින්ගෙ උදව්වෙන් ඉස්සරහට ඇවිදගෙන ගියපු ඇල්ෆා දේහ්‍යුන්ග් යුන්ගි ලග හිටපු ජංකුක්ගෙ අත් වලින් අල්ල ගත්තා.

" ජංකුක් !!!
සඳ දෙව්දුවට ස්තූතිවන්ත වෙන්න අන්තිමට අපිට හමුවුනා එහෙනම් ඔයාව "

ජංකුක්ගෙ අත් වලින් අල්ලගෙන එහෙම්මම එතන තිබුණ සෝෆාවෙන් ජංකුක් එක්කම වාඩි උන ඇල්ෆා දේහ්‍යුන්ග් ටේහ්‍යුන්ග් දිහාවට තමන්ගෙ ඇස් අරන් ගියේ එයාට දෙයක් මතක් උනා වගේම දෙයක් ඇත්ත වෙන්න යනවා කියලා ඉවෙන් වගේ තේරුන නිසා!!

" කොහොමද?
කොහොමද ජංකුක්ව හම්බුනේ
එතකොට මේ....මේ..... යුන්ගිද? "

"ඔව් අප්පා... ඔයාට මතකද යුන්ගි හ්‍යුන්ග්ව
එයා ජිමින්ගෙ මේට්"

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now