Chapter 15 ( nesting )

1.2K 267 20
                                    


වෙලාව උදෑසන හය වෙලා තියෙනකොට හැමදාම උදේම නැගිට්න පුරුද්දට ඇල්ෆා කිම් ඇස් ඇරියා. දවස්ගානකින් හරි නින්දක් නොලැබිලා තිබුනත් නිදාගත්ත පැය ගානට වෙනදට වඩා ගොඩක් සුවයක් දැනෙනවා කියල ඇල්ෆා කිම්ට තේරුනා  තමන් විදින්න ආසම තමන්ව සනසවන හුරුපුරුදු බ්ලූබෙරි මික්ස් චෙරිබ්ලෝසම් මල් සුවඳ ලගින්ම දැනෙනකොට ඇල්ෆා කිම් සම්පූර්ණයෙන්ම ඔලුව උස්සලා එයාගෙ ඔමේගා දිහා බැලුවා  තමන්ගෙ උරහිසට ඔලුව තියාගෙන රව්ම් ඇස් වහගෙන ලා රෝස කම්මුල් තද රතු දෙතොල් එක්ක ජංකුක් සනීපෙට නිදා ඉන්නව දැක්ක ටේහ්‍යුන්ග් ජංකුක්ගෙ නලලට වැටිලා තිබුන දිග කොණ්ඩ රැල්ල කන පිටුපස රැදෙව්වා.

නැගිටින්න හැදුවත් ජංකුක් තමන්ගෙ ශර්ට් එක අත් වලින් ගුලිකරන් අල්ලන් ඉන්නවා දැක්ක ටේහ්‍යුන්ග් එහෙම්මම නැවිල ජංකුක්ගෙ කම්මුලකින් හාදුවක් තියලා එයාට කොට්ටෙට හේත්තු කරවල හිමීට තමන්ගෙ ශර්ට් එක ඒ අත්වලින් ගලවගත්තා.

"හොදට නිදාගන්න මගෙ ඔමේගා"

ටික කාලෙකෙට කලින් දිනපතාම ගිය ඒත් දැන් සතියකට කිහිප සැරයක් විතරක් යන තැනට යන්න වොශ් එකක් දාගෙන ලෑස්ති උන ටේහ්‍යුන්ග් අයිමත් හිනාවෙලා ජංකුක්ගෙ කම්මුලකින් හාදුවක් තියලා පොරවනයෙන් හොදට පොරවලා ගියා

ටේහ්‍යුන්ග් ඉස්සර ග්‍රොජස් ගියේ වේදනාවෙන් දැවෙන්න. අදුරු මතක ඇතුලෙ අතරමං වෙලා නැති උන දේවල් හොයන්න. තනි උන එයාගෙ හිතේ දුක කියන්න. මිනීමරුවන්ගෙන් පලිගන්න දවස ගානෙ පොරොන්දු වෙන්න හැබැයි දැන් යන්නෙ තවදුරටත් වේදනා දෙන මතක ඇතුලෙ හිරවෙලා විදවන්න නෙවෙයි. ස්තුති කරන්න තමන්ට වටිනම දේ ආරක්ෂා කලාට ලගට ගෙනත් දුන්නට පරිස්සන් කලාට. සමාව ඉල්ලන්න ගුකී ගැන ඒ හිතේ ඒ තරම් ආදරයක් නොදැනුනාට. පොරොන්දු වෙන්න, ජංකුක්ව පන වගේ පරිස්සම් කරන්න.






















ඇල්ෆා කිම්ගෙ කාමරේ යන්තමට එලිය වැටිලා තියෙනකොට ඇහිබැම අකුලගෙන ඇස් ඇරියා.

"උම්ම්ම්හ්.. හියොන් කෝ ඔයා"

තමන්ගෙ ඇල්ෆාගෙ සුවඳ තවත් ලගින් දැනෙන්නෑ කියල දැනුන ජංකුක් තමන්ටම මුමුන ගත්තා. එහෙම්මම ඇදෙන් නැගිටල ඇදන් හිටපු තමන්ගෙ කමිසෙ ගලවලා ටේහ්‍යුන්ග් ගලවලා දාල ගිහින් තිබුන ශර්ට් එකක් ඇදන් හිටපු කොට ටයිට් ශෝර්ට් එකට උඩින් දා ගත්තු ජංකුක් ටේහ්‍යුන්ග්ව හොයාගෙන ගියා.

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now