Chapter 12 ( alpha kim's love )

1.3K 271 11
                                    

"වූ ශින් ගැන අප්පට විශ්වාස ද අප්පා?"

" ටේ එයා මගේ විශ්වාසවන්තම සේවකයා
ඒකයි එයාව ඔයා ලගින් තියල තියෙන්නේ "

" මන් වූ ශින්ව සැක කලා මේ අවුරුදු ගානටම "

" මන් දන්නවා. හැබැයි වූ ශින් තමා හොදම ආරක්ෂකයා
එයාව විශ්වාස කරන්න "

" හරි අප්පා.
ඒත්- ඉස්සරටත් වඩා ඔයාට අමාරු පාටයි වගේ පේන්නෙ ඇයි? "

" අහ් ඔ-ඔව් ටේ... මේ ලගකදි ඉදන් ඇවිදින්නත් අමාරුයි වගේ "

" අප්පා අපි වෛද්‍යවරයෙක් හම්බෙමු
මන්- මන් අදම කතා කරන්නම්!! "

" නැහැ!!! එපා ටේ... දැන් මන් වයසයි
ටික දවසකින් ඕක ඇරිල යයි "

" ඔලුවෙ කැක්කුම ඒක කොහොමද අප්පා? "

" ඒකනම් ටිකක් අ-අඩුයි පුතා...
අහ් මට කියන්න ජංකුක් ගැන ඔයාට දැනෙන දේ "

ඇල්ෆා දේහ්‍යුන්ග් එක්ක ටේහ්‍යුන්ග්,  ජංකුක් වගේම යුන්ගි එක්ක කතා කරලා එළියට ඇහිත් උද්‍යානෙ ඇවිදිමින් කතා කරමින් හිටියා. ඇල්ෆා දේහ්‍යුන්ග්ට ටිකක් අසනීප ගතියක් පෙන්නුව හන්දා ටේහ්‍යුන්ග් තමන්ගෙ අප්පා එක්ක උද්‍යානෙ තිබ්බ බංකුවකින් වාඩි උනා. හුග කාලෙකට පස්සෙ හිතට දැනුන අමුතුම සහනයත් එක්ක ටේහ්‍යුන්ග් සතුටෙන් හිටියා. ඇල්ෆා දේහ්‍යුන්ග් ජංකුක් ගැන ඇහුවම ටේහ්‍යුන්ගෙ ඇස් දිලිසෙන විදිහ ඇල්ෆා දේහ්‍යුන්ග් බලාගෙන හිටියා.

" ජ- ජංකුක් එයාව මට ගොඩක් දැනෙනවා අප්පා. මන් දන්නවා ගුකීත් මගෙ මේට් වෙලා හිටිය තමා. ඒත් ඒක මේට් බැදීමක්ම විතරයි කියල මට දැන් තේරෙනවා. ගුකී දිහා මන් බැලුවෙ හොදම යාලුවෙක් සහෝදරයෙක් වගේ.  ඒත් ජංකුක් ඒ ඇස් දැක්ක දවසෙ ඉදන් මට මේට් බැදීමට එහා ගියපු දෙයක් දැනෙනවා. මන්.. මන් ආදරෙයි.... ඔව් මන් ජංකුක්ට ආදරෙයි. සමහරවිට ඒ තැන ගුකී හිටියා නම් කවදාවත් මගෙ කටින් 'ආදරෙයි' කියන වචනෙ මේ වගේ තේරුමකින් පිට වෙන එකක් නෑ. "

ඇල්ෆා දේහ්‍යුන්ග් තමන්ගෙ පුතා දිහා බලා හිටියා. කාලෙකට කලින් හැම වෙලාවකම අදුරු වලාවකින් වැහිල වගේ තිබුන  මුහුණ දැන් නිතරම වගේ යන්තම් හිනාවකින් පිරිල තියෙන අතරෙම කතා කරන දිහා බලන් හිටියා. කවදාවත් ජංගුකී ගැන කතා නොකරපු දේවල් ජංකුක් මතින් කියනකොට ඇල්ෆා දේහ්‍යුන්ග්ට නිදහසක් දැනුනා. තමන්ගෙ පුතාට හරිම මේට් වගේම ආදරවන්තයා මුන ගැහිලා. ඔහු සද දෙව්දුවට ස්තුති කලා.

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now