Chapter 21 ( real leader )

1.2K 244 16
                                    

"යු-යුන්ගි හියුන්"
ජංකුක් ඉකියක් පිට කරන ගමන් යුන්ගිව තද කරල බදා ගත්තා. කිසි හැගීමක් නැති මුහුනෙන් යුන්ගි කිසි දෙයක් නොව්න ගානට සාමාන්‍ය විදිහටම හිටියා ජිමින් තමන්ගෙ මේට්ගෙ වේදනාවෙන් පිරුණ හැගීම් වලට ඇතුලතින් කෑ ගහන වෘකයාව පාලනය කර ගත්තා ටේහ්‍යුන්ග් එතනම තිබුන පුටුවට වැටිල ඉදගෙන කල්පනා කරන්න ගත්තා මිස්ට පාර්ක් ඇල්ෆා දේහ්‍යුන්ග්ව තව පුටුවකින් වාඩි කෙරෙව්වා ඇයි එයාලා කිසි උනන්දුවක් නොදැක්වුවෙ යුන්ගි කව්ද කොහෙන්ද මින්ගුක් යුන්ගිව හොයාගත්තෙ කියල හොයන්න. හේතුව, ජංකුක් උනත් යුන්ගිව දැක්කෙ තමන්ගෙම හ්‍යුන්ග් විදිහට

"වූ ශින් සන් වූව එක්කන් යන්න එයාට කන්න දෙන්න"

"හරි ඇල්ෆා"
ටේහ්‍යුන්ග් ජංකුක්ගෙ ඉකියෙන් විතරක් පිරිල තිබුන කාමරේ සද්දෙන් පිරිල යන්න කිව්වම වූ ශින් තනියම හිට ගන්නවත් පනක් නැතුව හොදට ම කෙට්ටු වෙලා හිටය සන් වූව ආරක්ෂකයො ටිකත් එක්ක අරගෙන ගියා සන් වූ තවමත් ජීවත් වෙන එක ගැන ජිමිනුත් ඇල්ෆා දේහ්‍යුන්ග්නුත් පුදුම උනා

මේ හැමෝම හිටියෙ ග්‍රොජස් වල පොලව යට තිබුන ටේහ්‍යුන්ගෙ රහස් බංකරයෙ සන් වූව හිර කරල තිබුන කාමරේ තුල

ජංකුක් යුන්ගිගෙ මාර්ක් එක ගැන කියපු වෙලේ පාලනය කරගන්න බැරි උන තරහක් ආවම වූ ශින්ට කතා කරල යුන්ගිව ගිහින් හිර කරන්න කියපු විදිහ ජංකුක් හොදටම කලබල වෙලා අඩපු විදිහ යුන්ගිව අරගෙන යනකොට ජිමින් ජංකුක් එක්ක වාහනෙන් ග්‍රොජස් වලට ආපු විදිහ ජිමින් සිද්ධ වෙන දේවල් මිස්ට පාර්ක්ට කිව්වම එවලෙම ඇල්ෆා දේහ්‍යුන්ග් එක්ක ආපු විදිහ සන් වූ ඉස්සරහට යුන්ගිව ගෙනිහින් යුන්ගිගෙ බෙල්ල මිරිකන ගමන් වෛරයෙන් අන්ධ වෙලා හිටපු ටේහ්‍යුන්ග් හැසිරුන විදිහ ටේහ්‍යුන්ග්ට මැවි මැවි පේන්න ගත්තම ටේහ්‍යුන්ග් පසුතැවුනා. හැබැයි මේ සේරම අතීතයට එකතු වෙලා ඉවරයි. මේ ගෙවෙන තප්පරය පවා අයිති වෙන්නෙ අතීතයට

"එතකොට ඔයයි හරි නම් ඒ රැලේ නායකයා වෙන්න ඕනි" 
සන් වූ යුන්ගිගෙ පිටේ තිබුන රතු මාර්ක් එක දැකලා කියපු දේවල් මතක් උනාම ටේහ්‍යුන්ග් ඇහුවා

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now