chapter 8 (v & chimi)

1.3K 292 4
                                    

උදෑසනම ග්‍රොජ්ස් වල දකුණු කෙලවර හරියට ලන්ව රතු ඇස් එක්ක විශාල කළු වෘකයෙකුත් කහ පැහැ ඇස් එක්ක සුදු මිශ්‍ර දුඹුරු  සමාන්‍ය ප්‍රමාණයේ වෘකයෙක්කුත් දුවමින් හිටියා. හැබැයි සුදු මිශ්‍ර දුඹුරු වෘකයා, කළු වෘකයා තරම් දැඩි වගේම රළු නැති බව පිටින් බලන කෙනෙකුට පවා කියන්න පුලුවන් තරම් ඒ ඇස් අහිංසකයි


Chimi- " V පොඩ්ඩක් හෙමින් දුවන්නකො අනේ"

V- " ඇයි මොකද චිමී තමුන්ට හරියට දුවාගන්නවත් බැරිද?"

"V, චිමීට බයින්නෙ මොකද ? රණ්ඩු නොවී ඉන්න බැරිද නපුරු වුල්ෆ්!"

V- " හහ් එතකොට ඔයා කොහොමද   ඔයාට නපුරු කම ගෑවිලාවත් නැද්ද මගෙ මනුස්ස බාගෙ?"

"තමුන්ට පාලනය දුන්න එකට මන් පසු තැවෙනව   කට වහගෙන ය-"

V- "ග්‍ර්ර්ර්ර්ර්ර්ර්..."

"ම්ම්ම් සුවඳයි V, ඔයාටත් දැනෙනව නේද?"
ඉක්මනට එන්න chimi මට මගෙ වෘකයවත් පාලනය කරගන්න බැරි වෙයි. ඒ තරමට සුවඳ ප්‍රබලයි"

ටේහ්‍යුන්ග් මනසින් ජිමින්ව සම්බන්ධ කරගෙන කිව්වත් ජිමින් ආපහු උත්තර දුන්නෙ නම් නෑ. හැබැයි ටේහ්‍යුන්ග් උත්තර බලාපොරොත්තු උනෙත් නෑ.




"V ටේ ඔතනින් ඉස්සරහට යන්න එපා මිනිස්සු බය වෙයි!"
" ටේහ්‍යුන්ග් ඇහෙනවද මාව දැන්ම පාලනය ඔයාගෙ අතට ගන්න!!!"

"ග්‍ර්ර්ර්ර්ර්ර්ර්..."

"ටේ.. ටේහ්‍යුන්ග්!!! "

ටේහ්‍යුන්ග් වෘක ස්වරූපයෙන් ම කන්‍යාරාමයේ මායිම පහු කරන් යයි කියල බයවුනු ජිමින් කන්‍යාරාමය පෙනෙන කොට ටේහ්‍යුන්ග්ට කතා කලේ තවමත් සුවඳ පසු පස යන V ට ඒක ඇහෙන්නෙ නැති වෙයි කියල තේරුණ නිසා.

"V නවතිනවා!!! ඔයාට ඕන ඔතන ඉන්න මිනිස්සු බය කරන්නද?"

V- " හහ් 'මිනිස්සු' අපේ 'මේට්' ගැන හිතල නෙවේද කිව්වෙ?"

"මේට්? මන් තවමත් විශ්වාස කරන්නෑ. මොකද ජංගුකී නැ-"

Chimi- " V ඔයාට මහන්සි නැද්ද අනේ කිලෝමීටර ගානක් දුවලත්"

V- " මන් තමුන් වගේ නෙවේ chimi!!! තමු-"

" නවත්තගන්නවා V, කට වහගන්නවා!!"

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now