chapter 9 (Lucas)

1.3K 313 3
                                    


__________________________________________________
"කොහෙද ඇල්ෆා කිම්!!!"
"තමුන්ලගෙන් මන් ඇහුවෙ කොහෙද ඇල්ෆා කිම් කියල"

"උ-උතුමාණෙනි අපි හොයනවා"

"තමුන්ලගෙන් කිසි වැඩක් නෑ!! හොයනවල ඉක්මනට මිශෙල් උත්තමාවියට කේන්ති යන්න කලින්!!!"

"එ-එහෙමයි උතුමාණෙනි"

"ඔත්තුකාරයො හැමතැනටම දානව"

"දැනටමත් ඒවා කරල ඉවරයි උතුමාණෙනි"

"මිස්ට පාර්ක්ගෙ මැන්ශන් එක ලගට කට්ටියක් දාන්න
යන එන අය ගැන බලන්න!!!"

"උත්තමාවියණි,
එහෙමයි අපි ඒ ගැනත් බලන්නම්"

"ඒ වගේම ග්‍රොජ්ස් වනාන්තරේ ඇල්ෆා කිම් නැත්තන් යන වෙන තැන් වලත් හොයන්න"

"එහෙමයි උත්තමාවියනි, අපි යන්නම්"

"ලූකස් ඔච්චරටම තමන්ගෙ යටතෙ වැඩ කරන තමන්ගෙම මිනිස්සුන්ට කෑ ගහන්න එපා"

"සමාවෙන්න මිශෙල් උත්තමාවියනි"

"අහ් මට සමාවෙන්න කියන්න ඕනි නෑ. ඒ ඔයාගෙම කට්ටියනෙ. කොල්ල ගැන වත් තොරතුරක් නැද්ද තව"

"ලන්ඩන් වල තවමත් කට්ටිය හොයනව උත්තමාවියනි
මෙහෙත් එහෙමයි"

"හහ් දැන් අවුරුදු පහකුත් ගිහින් ලූකස්, ඔයා ඉක්මන් වෙන තරමටම ඔයාට පැක් එකක් හදාගන්න මට උදව් කරන්න පුලුවන් වෙයි ලූකස්. ඔය ඉන්න තැනට ගෙනාවෙත් මන් කියල අමතක කරන්න එපා"

"එ-එහෙමයි උත්තමාවියනි"

__________________________________________________________








"ම්ම්ම්...  සුවඳයි. වොඩ්කා මිශ්‍ර සැර කුරුඳු සුවදක් ආහ් කොහෙද.. කොහෙන්ද ඒ සුවඳ එන්නෙ? ම්ම්ම්හ්..."

ජංකුකී රෝස මල් වත්ත පහු කරමින් හදිසියේම තමන්ට දැනුනු හිත ඇදගන්න සුවද පස්සෙන් ගියේ තමන්ගෙ දිග කළු පාට ගවොම දකුනතින් මදක් ඔසවගෙන කන්‍යාරාමෙ පිටුපස කොටසට හැකිතරම් වේගෙන් ඇවිදගෙන. ජංකුකී නොදැනුවත්ව ම ඇස් නිල් ලාටට හැරිල තිබුනත් ජංකුකීට ඒක තේරුනේවත් නෑ. තමන් වෙනදට වැඩි වෙලාවක් ඉදගෙන ඉන්න ගල් බංකුව හරියට දුවගෙන ගිය ජංකුකී හදිසියේම එතන තිබ්බ විශාල රූස්ස ගහ එහා පැත්තෙන් ආපු කෙනෙක්ගෙ පපුවෙ වැදුනම ජංකුකීට තවත් ඒ පපුවට තුරුලු වෙන්නම හිත දුන්නත් ඒ කෙනාගෙ මූන බලන්න ඕනි කමට අයින් වෙලා තමන්ගෙ නිල් ඇස් වලින් ඒ මුහුණ දිහා වැලුවා.
"මේට්"
"මේට්"
රතු ඇස් එක්ක නිල ඇස් ගැටුනම ඒ වචනය ජංකුකීගෙත් ටේහ්‍යුන්ග්ගෙත් මුවින් පිට උනා "මේට්"

ටිකකි ජංකුකීගෙත් ටේහ්‍යුන්ග්ගෙත් ඇස් කළු පාටට හැරුනම ටේහ්‍යුන්ග්ගෙ මුහුණ වෙනස් උනා. කලබලයක් තැතිගැස්මක් එක්ක ජංකුකීගෙ අතින් අල්ල්ගත්ත ටේහ්‍යුන්ග් කන්‍යාරාම මයිමෙන් එහා කලින් ජිමින් එක්ක නැවතිලා හිටපු රූස්ස ගහ පැත්තට ඇදගෙන ගියේ ජිමින් පුදුමෙන් පිරිච්ච මූණ එක්කම ඒ දෙන්නගෙ පස්සෙන් යනකොට.




" ගුකී.... ජංගුකී...? මේ ඔයාද?!!"


"නෑ මන් ගුකී නෙවෙයි"

"ටේහ්‍යුන්ග් අහ් මට මට... මින්ට් සුවඳක් දැනෙනවා!!"

"ග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්හ්"

"නෑ එපා..... ඔහොම ඉන්න හ්‍යුන්ග්!!!"

------------------------------------------------------------------------

💚💜️

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now