Chapter 6 (dreams & smell)

1.5K 314 10
                                    

"ජංගුකී නැගිටින්න!!! අනේහ්
ඔම්මා ඔයත්, සෙල්ලම් කරනවද?
අනේ නැගිටින්න     නැගිටින්නකො...
ජියෝන් ඔම්මා, ජියෝන් අප්පා අනේ නැගිටින්න ප්ලීස්
ජං-ජංගුකී මං දිහා බලන්න"

" ටේ.... මගෙ ඇල්ෆා පැටියෝ..."

"ඔම්මා....හ්  බලන්නකො ජංගුකී මගෙ මේට් නැගිටින්නෑනේ"

"හොදට බලන්න මගෙ ඇල්ෆා පැටියෝ... ඔතන ජංගුකී නෑ. එයා ඉන්නෙ මෙහෙ මාත් එක්ක!!
මේට් ඉන්නව එයාව හොයාගන්න!!!
දන්නවද මගෙ ඇල්ෆා පැටියෝ,
'ලස්සන වැහි බිංදු දෙකක් වැටුනා නිල් හදට
හැබැයි එක වැහි බිදුවකට විතරයි රඳා පවතින්න ආශිර්වාද ලැබුනේ' තේරුනාද මගෙ පැටියට?"

හීනයක්!!!
ටේහ්‍යුන්ග් රතු ඇස් එක්ක ඇස් ඇරියා   එයාගෙ මුළු මුහුණමත් ඇගෙන්මත් දාඩිය බේරෙමින් තිබුණා.ඒ වගේම  දාඩිය නිසා එකට ඇලිල තිබුණු කොණ්ඩෙ එක්ක තවත් කඩවසම්. අත් අතර තිබුන දිහ සුදු පාට ගව්ම දිහා බැලුවම රතු ඇස් කළු පාට වෙන්න ගියේ නිමේෂයක් විතරයි. වෙලාව උදෑසන හය වෙලා තියෙනව දැක්කම ඇදෙන් බැස්ස ටේහ්‍යුන්ග් වොශ් රූම් එකට ගිහින් දොර වහ ගත්තා.














"ඔයා ඒකෙන් මොකද්ද අදහස් කලේ ඔම්මා,
වැහි බිදු දෙකක්, නිල් හඳක්?"

ඇල්ෆා කිම් මේ මොහොතෙ හිටියෙ ග්‍රොජ්ස් වල වෙනදට අන්ධකාරයෙ අතරමං වෙන ඇල්ෆා කිම් අද වචන ඇතුලෙ අතරමං වෙලා.

"වූ ශින් ඔතනම ඉන්නව, මට ටිකක් තනියම ඇවිදින්න ඕනි"

"එ-ඒත්.."
වූ ශින් නිහඬ උනා... නෑ  ඒ රතු ඇස් වූ ශින්ව නිහඬ කලා. කට කොනින් හිනාවුනු ඇල්ෆා කිම් ග්‍රොජ්ස් වල ඇතුළට යන්න පටන් ගත්තා.











"අමතක නොකර දැම්ම නේද තේ එකට?"

"ඔව් ලූනා"
ජියෝන් මියොන්ගිගෙ ප්‍රධාන සේවිකාව, තේ බන්දේසිය අතේ තියාගෙන හිටියත් තේ කෝප්පයක් තිබුනෙ නෑ!!
ලූනා හිනා උනා හරිම ලස්සන නිවුන හිනාවක්.

"සේහි මගෙ පෙනුම කොහොමද?"
"හැමදාම වගේ ඔබතුමිය බොහොම සුන්දරයි"
"හරි ඔයාට දැන් යන්න පුලුවන්"

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now