chapter 1

709 144 33
                                    

"ජන්කුක් කලබල වෙන්න එපා එයාලව ඉක්මනට හම්බවේවී... පොලීසිය ෆුල් ටයිම් වැඩ කරනවනේ" ජින් හැදුවේ ජන්කුක්ව සනසන්න ඒත් එයත් ඉන්නේ බයෙන්...

"හියුන් එයාලට කරදරයක් නැතුව ඇති නේද?" ජන්කුක් ඇහුවේ ඉස්සරහින් පේන්න තියෙන නිවස දිහා බලාගෙන... ඒ මීට දවස් දෙකකට උඩදී අතුරුදහන් උන පාක් ජිමින්ගේ ගෙදර...

"බය වෙන්න එපා ජන්කුක්, ඉක්මනටම ඒ දෙන්නව හොයාගන්න පුලුවන් වෙයි..." ජින් ජන්කුක්ව තුරුල් කරගත්තා... ඒත් එයාටවත් විශ්වාසයක් නෑ ජිමින්, යුන්ගි දෙන්නව ආපහු දකින්න ලැබෙයිද කියලාවත්...

"ඔයා දන්නවද හියුන් මගේ හොදම යාලුවගේ අතුරුදහන් වීම වාර්තා කරන්න මට ලැබුන වෙලේ මං හුගක් බය උනා... මගේ පලවෙනි ලයිව් වාර්තාව ඒක හුගක් දරුණුයි..." ජන්කුක් දිග සුසුමක් හෙලුවා...

දවස් දෙකක් මුලුල්ලේ ජන්කුක් උන්නේ ජිමින්ගේ ගෙදර ගාව... ඒ එයා හොදම යාලුවා නිසා නෙවෙයි නාලිකාවෙන් ඒ ගැන වාර්තා කිරීම බාර දුන්නේ ජන්කුක්ට නිසයි...

ජෙයොන් ජන්කුක්, තවමත් වයස 25 ක් වූ තරුණයෙක්... කුඩා කල සිට එකම ආසාව උනේ මාධ්‍යවේදියෙක් වෙන්නයි, මීට ටික කාලෙකට කලින් පවත්තවන ලද සම්මුඛ පරීක්ෂණයකින් සමත් වෙලා ජන්කුක් පුලුවන් වෙනවා KBS කියන නාලිකාවේ වැඩට එන්න...

මාස 6 ක් පමණ ජන්කුක් ඇතුලු ජන්කුක්ගේ ටීම් එක පුහුණු උනා... මොකද KBS කියන්නේ රටේ පිලිගත් නාලිකාවක්, ආවට ගියාට කට්ටියව බදවගෙන වැඩ කරන්නේ නෑ...හොදම අයගෙනුත් හොදම අයව තමයි එයාලා තෝරගත්තේ...

පාක් ජිමින්, ජන්කුක් එක්කම නාලිකාවේ සේවයට බැදුන කෙනෙක්... ටික දවසක් එකට වැඩ කරපු ජන්කුක් ජිමින් දෙන්නා නොබිදෙන විශ්වාසයක් සහිතව හොදම යාලුවෝ වෙනවා... එහෙමයි එයාලගේ යාලුකම පටන් ගන්නේ...

හරියටම මීට දවස් දෙකකට කලින්, ඔක්තෝබර් 12 වෙනිදා ජන්කුක් ඇතුලු එයාගේ ටීම් එක කැදවලා එයාලගේ හෙඩ් දැනුම් දෙනවා එයාලගේ පුහුණුවීම් අවසන් බවත් හෙට ඉදන් ලයිව් ප්‍රෝග්‍රෑම්ස් වල කටයුතු වලට වගේම ඍජුවම නාලිකාවේ කටයුතු වලටත් දැන් එයාලා දායක වෙන්න පුලුවන් කියලා...

REVENGE NOTE|TK|✔Where stories live. Discover now