chapter 25

369 121 67
                                    

ටේහ්යුං එයාගේ මැන්ශන් එකට ඇවිත් සුපුරුදු පරිදි කෙලින්ම ගියේ වොශ්රූම් එකටයි... ටේහ්යුං එලියට එද්දී එලියේ උන්න ගාඩ් කෙනෙක්ගේ අතේ කලු පැහැ රොබ් එකකුත්, අනෙක් ගාඩ්වරයා අතෙහි වයින් පිරවූ ග්ලාස් එකකුත් තිබුණා... රොබ් එක ඇදගෙන වයින් ග්ලාස් එකත් අතට ගත්ත ටේහ්යුං බැල්කනි එකට ඇවිදගෙන ආවා...

ජන්කුක් වටා දාලා උන්න ගාඩ්ස්ලා අයින් කරන්න අණ කලේ ඇයි කියන එකට ටේහ්යුංට උත්තරයක් නැහැ... ඇත්තටම එයාට මේ හැමදෙයක්ම එපා වෙලා ගිහින් නම්- ඔව් ටේහ්යුංට ඇත්තටම හැම දෙයක්ම එපා වෙලා... හැමදෙයක්ම~

ජන්කුක් එයාව දාලා ගියෙත් තමන්ගේම වැඩ නිසා නේද කියලා හිතද්දී ටේහ්යුං දැනුනේ ඔලුවත් හදවතත් එකපාරටම තලලා දැම්මා වගේ හැගීමක්... ඒක ලොකු වේදනාවක්~ ඇයි ටේහ්යුංටම මේ දේවල්- ඇයි ටේහ්යුං ආදරය කරන අය නිසාම එයාට මෙහෙම වෙන්නේ~ ඒක ලොකු දුකක්... ටේහ්යුං පව්!

වයින් වීදුරෙන් එකදු උගුරක්වත් බීලා නැති ටේහ්යුං හුලග ඇගේ වදින විදිහ විදින ගමන් බැල්කනියේ අත්වැටට බර වෙලා ඉදිරිය බලාගෙන උන්නා... ඒත් වැඩි වෙලාවක් ටේහ්යුං එහෙම ඉන්න උනේ නෑ ටේහ්යුංගේ පෞද්ගලික කා එකක් මැන්ශන් එක ඇතුලට එන හඩ ටේහ්යුංගේ දැහැන බින්දා...

ඒ කාර් එක යූස් කරන්නේ ටේහ්යුං ගමනක් යද්දී පමණක් නම්, මේ වෙද්දී ටේහ්යුං මැන්ශන් එකේ නම්, කලින් කාටවත් කොහෙවත් යන්න අණකුත් ටේහ්යුං විසින් ලබා දුන්නෙත් නැත්නම් කොහොමද ටේහ්යුංගේ පෞද්ගලික වාහනයක් එලියේ ඉදන් ඇතුලට ආවේ? ඔව් ඒ ජන්කුක්ව කිම් මැන්ශන් එකට ගිහින් දාපු වාහනය තමයි...

"එන්න කියන්න" ටේහ්යුංගේ අණින් තවත් ගාඩ් කෙනෙක් ගිහින් ජන්කුක්ව මැන්ශන් එකට එක්කගෙන ගියපු ගාඩ්ව එක්කන් ආවා... ටේහ්යුංව දැකපු ගාඩ් එකපාරටම ගැස්සුනා මොකද ටේහ්යුං මෙතන-

"ස්-සර්"

"සර් තමයි, මගේ අවසරයක් නැතුව මගේ කාර් යූස් කරන්න උබලට අවසර දුන්නේ කවුද? කතා කරපං... කොහෙද ගියේ? මොනවද කරේ?" ගාඩ්ට මේ වෙද්දී දාඩිය දාලා හොදටම... ඔහු බය වෙලා-

"කතා කරපං උබල දන්නවා මං දෙපාර දෙපාර එකම දේ අහන්න ආස නෑ කියලා..." ටේහ්යුං ටිකක් තදින් කතා කරා... අහ් නෑ ඒ ටේහ්යුංගේ නෝමල් කතා විලාශය තමයි...

REVENGE NOTE|TK|✔Where stories live. Discover now