The End

700 130 58
                                    

ජන්කුක් උන්නේ ඇත්තටම ගොඩක් පසුතැවීමකින්, එයාට ඕන උනේ ටේහ්යුංව අල්ලලා දෙන්න නෙවෙයි උනත් එයා කරපු දෙයින් වෙලා තියෙන්නේ මුකුත් නොකරපු ටේහ්යුං හිරේත් වැරදිකාරයා හැමෝගෙම ආරක්ෂාව මැද ජීවත්වෙන නිසාත්... ඒක ඇත්තටම ජන්කුක්ට මෙන්ටලි පවා බලපාන්න හේතු වෙන්න පුලුවන්...

ජන්කුක් ටේහ්යුංගේ තුරුලේ ඉදන් ගොඩක් වෙලා ඇඩුවා... ජන්කුක්ගේ කදුලු දකින එක ටේහ්යුංට ලොකු වේදනාවක් උනත් ජන්කුක්ට දැන් අඩන්න දෙන්න ඕනා කියලා එයාටම හිතුන නිසයි එයා ජන්කුක්ව බදාගෙන තනියම ඇඩුවේ- ඒත් ඔය වෙලේ නොහිතපු විදිහට ජන්කුක්ගේ පෝන් එක රින්ග් වෙන්න ගත්තා...

පෝන් එක දිගටම රින්ග් වෙන නිසා ජන්කුක් අවසානයේ කෝල් එක ගන්න තීරණය කරා... කෝල් id එක බලපු ජන්කුක් කදුලු පිහිදගෙන ආන්සර් කලා... ජන්කුක්ට කෝල් එක ආවේ ඔම්මගේ පෝන් එකෙන් ඒත් කතා කරේ ජින්- හැබැයි එක අවුලක් තිබුණා ඒ ජන්කුක් උන්න තැනට සිග්නල් අහු උනේ නෑ... ඉතින් එයාට ජින් කියන එක හරියටම තේරුනේ නම් නෑ...


ජින්
ජ-කුක්...

ජන්කුක්
හියුන් ඔයාට මාව ඇහෙනවද?

ජින්
ජ-

ජන්කුක්
හියුන් මට ඔයා කියන එක හරියටම ඇහෙන්නේ නෑ... තව ටිකකින් ගන්නද?

ජින්
ඔම්- එ- ජන්කු-

ජන්කුක්
හියුන් මට ඇත්තටම ඔයාව තේරෙන්නේ නෑ ඒක නිසා ටිකකින් ගන්නම්... තියන්නම් පරිස්සමින් ගෙදර එන්න ඔම්මත් එක්කම-

ජින්
එ-


ජින් කතා කරන ඒවා නොතේරුන නිසා ජන්කුක් කෝල් එක කට් කරා... ඒත් එක්කම එයා හැරුනේ ටේහ්යුංගේ පැත්තට- ටේහ්යුං ජන්කුක්ට එයාගේ ගාවට එන්න කියලා කතා කරාම ජන්කුක් ටේහ්යුංගේ තුරුලට තුරුල් උනා... හැමදාම ඕන උන ඒ උණුහුම ජන්කුක් වින්දා...

"කවුද කතා කරේ ජන්කූ?" ටේහ්යුං ජන්කුක්ට මිමිණුවා...

"ජින් හියුන්"

"ඇයි?"

"දන්නෑ... මට මෙතනට සිග්නල් නැති නිසා එයා කියපු දෙයක් තේරුනේ නෑ... පස්සේ ගන්නම් අනික දැන් එයාලා එනවත් ඇති-"

REVENGE NOTE|TK|✔Where stories live. Discover now