chapter 17

358 113 35
                                    

"චූටී, වෙලාවට කෑම කන්න හොදද?" ජන්කුක්ගේ ඔම්මා ජන්කුක්ගේ නලලට හාදුවක් දුන්නා...

"හරි ඔම්මා, බය වෙන්න එපා මාත් එක්ක නම්ජූන් යනවා අනේ"

"නම්ජූන් උන්නට මං දන්නවනේ ඔයාගේ හැටි, අනේ පැටියෝ ඔයාට ඇත්තටම ඔය දේ කරන්නම ඕනද?" ජන්කුක්ගේ ඔම්මට උන්නේ ජන්කුක් විතරයි... ඉතින් එයා ජන්කුක්ට හුගක් ආදරෙයි වගේම කරදරයක් වෙනවා දකින්න කැමති නෑ... ඒකයි පොඩි දෙයකදී උනත් එයා කලබල වෙලා ඉන්නේ...

"ඔම්මා, මං ආදරෙයි" ජන්කුක් එයාගේ ඔම්මව බදාගෙන ඉවර වෙලා කා එකට නැග්ගා... ජන්කුක් ගියපු වාහනේ පේන්නේ නැති වෙනකංම ජන්කුක්ගේ ඔම්මා අත වැනුවා...

"ඔම්මට දුකයි බං, උබ පොඩ්ඩක් හිතන්න ඕනා" වාහනේ ඩ්‍රයිව් කරන ගමන් නම්ජූන් නෝක්කාඩු කිව්වත් ජන්කුක් නෑහුන ගානට උන්නා... හීනෙ හැබෑ කර ගැනීම එයාගේ එකම~ එකම අරමුණ උනා...

නම්ජූන් එක්ක සෝල් ටවුමින්ම ගෙයක් හොයාගන්න ජන්කුක්ට පුලුවන් උනා... ඉතින් එයා ඒ ගෙදර නවතින්න තීරණය කරා...

අද ජන්කුක් එයාගේ පලවෙනි interview එකට යන දවස... උදේම නැගිටින්න පුලුවන් උනේ ඔම්මගේ කෝල් එක නිසා උනත්, ජන්කුක් වෙලාවට එතනට ගියා... ජන්කුක් වගේම ගොඩක් දෙනෙක් එතනට ඇවිල්ලා උන්න එක යම් තිගැස්සීමක් උනත් ජන්කුක් බලාගෙන උන්නා...

ඒත්, ජන්කුක් අසමත් උනා... ජන්කුක්ව interview board එකෙන් බාරගත්තේ නැති කොට ජන්කුක්ට ඕන උනා අඩන්න ඒත් එයා කදුලු පාලනය කරගෙන එලියට ආවා...

ටිකක් දුර ඇවිදගෙන ආව ජන්කුක්ගේ කකුල් පන නැතුව බිමට ඇදගෙන වැටුනා... අතේ තිබුණු ෆයිල් එක තුරුල් කරගෙන ජන්කුක් අඩන්න පටන් ගත්තේ පාරේ යන එන අය ජන්කුක් දිහා අනුකම්පාවෙන් බලද්දී...

නමුත් ගත උනේ විනාඩියයි... විශාල කබායක් ජන්කුක්ගේ ඔලුවේ ඉදන් මුලු ඇගම වැහෙන්න වැටුනේ හරියට එයාව කාටවත් නොපෙන්නන්න වගේ... නමුත් දුකින් උන්න ජන්කුක්ට ඒක ඒ වෙලේ කොහෙන්ද ආවේ කියලා බලන්න ඕන උනේ නෑ එයා අඩමින්ම උන්නා...

පාර එහා පැත්තේ නතර කරලා තිබුණ මිලාධික මෝටර් රථය තුලට වෙලා ජන්කුක් දිහා හැමවෙලේම බලාගෙන උන්න ටේහ්යුං එකපාරටම ජන්කුක් බිමට ඇදගෙන වැටෙනවා දැක ගන්න ලැබුනා... කා එකෙන් බැස්ස ටේහ්යුං traffic lights වත් ගනන් ගන්නේ නැතුව පාරෙන් අනිත් පැත්තට දුවගෙන ගියා... ඒත් ටේහ්යුං ඇයි ඒ තරම් අවදානමක් ගත්තේ කියන එක එයාට හිතන්න බැරි උනා... මොකද හේතුව හිතුවොත් එක අකුරු හතරකින් නතර වෙන නිසා... හරියටම බැලුවොත් "ජ", "න්", "කු", "ක්" වගේ...

REVENGE NOTE|TK|✔Where stories live. Discover now