chapter 2

544 137 40
                                    

"සාක්ෂියක්වත් නැතිව පොලීසියට බැහැ මේක මත්තෙම රැදිල ඉන්න, අපි උත්සාහ කලා මොනයම් හෝ දෙයක් හොයාගන්න ඒත්- සමාවෙන්න මිස්ටර් අපිට බැහැ තවදුරටත් මේක මේ විදිහට අරගෙන යන්න... අපි මෙහෙයුම් සියල්ලම නතර කරනවා" පොලිස් විශේෂ කාර්යය බලකායේ ප්‍රධානියා ජන්කුක්ට කියලා එතනින් පිටත් වෙලා යන්න ගියා...

ජිමින්ගේවත්, යුන්ගිගේවත් සදහනක් ලැබුනේ නැති තැන, අඩුම සාක්ෂියක්වත් නැති තැන පොලීසිය තීරණය කරනවා තව දුරටත් මේක දික් ගස්සන්නේ නැතුව නතර කරලා දාන්න...

ජන්කුක්ට පුලුවන් උනේ පොලිස්පති එක්ක කතා කරන්න විතරයි ඒත් එයාගේ උත්තරය එක්ක ජන්කුක් නිරුත්තර උනා... එයාලට වරදක් කියන්න බැහැ... කිසිම දෙයක් නැතුව අයාලේ දෙයක් ගැන හොයන්න බැහැනේ...

"මොනයම් හෝ තොරතුරක් ලැබුණ සැනින් අපි ආපහු මෙහෙයුම් පටන් ගන්නම්..." සහයක පොලිස්පතිත් ඒ විදිහට ජන්කුක්ව තනි කරලා යන්න ගියා...

ජන්කුක් තවමත් ජිමින්ගේ ගෙදර ගාඩ්න් එකේ තණකොළ උඩ ඉදගෙන හිස් ගෙදර දිහා බලාගෙන උන්නා... තැනින් තැන වැටිලා තිබුණ කොල කෑලි, කෑම කොප්ප එහෙම හුලගට ඒ මේ අත විසික් වෙද්දී ජිමින් උන්න නම් කවදාවත් මෙහෙම ජරා වෙන්නේ නෑ නේද කියලා ජන්කුක් හිතුවා...

නැගිටලා තැනින් තැන තිබුණු කුණු සේරම උරයකට පිරෙව්ව ජන්කුක් හවස් වෙනකංම කරේ ජිමින්ගේ ගෙදර ගාඩ්න් එක තිබුණු විදිහටම හදපු එක... ජිමින්ගේ ගෙදර වහලා යතුර අතට ගත්ත ජන්කුක් එයාගේ බයිසිකලයේ නැගලා ගෙදර යන්න පිටත් උනා...

ගෙදරට ආව ජන්කුක් ඕෆ් වෙලා තිබුණු එයාගේ පෝන් එක චාජ් වෙන්න ගහලා දවස් ගානකට පස්සේ හරියට නාගන්න ගියා... කල්පනා සාගරේක ගිලෙන ගමන් ජන්කුක් පැයකට වැඩිය නාන්න ගත කලා... එයා එලියට එද්දී වෙලාව 9.00 ටත් කිට්ටු වෙලා...

ජන්කුක් ගියේ කන්න මොනව හරි හදා ගන්න ඒත් ෆ්‍රිජ් එකේ මුකුත්ම තිබුනේ නෑ... බාගයක් කාලා තිබුණු බිස්කට් පැකට් එකක් අරගෙන කෝපි කෝප්පෙකුත් හදාගෙන ජන්කුක් එයාගේ මේසේ ලගට ඇවිත් වාඩි උනා...

ෆෝන් එක ඔන් කරපු හැටියේ මිස් කෝල් බර ගානක්, මැසේජ් බර ගානක් එක දිගටම එද්දී ජන්කුක් පෝන් එක පැත්තකට දාලා මේසේ ඔලුව ගහගත්තා...

REVENGE NOTE|TK|✔Where stories live. Discover now