chapter 9

389 124 19
                                    

"Exuse me, ම්ම් ටේබල් නම්බර් 16 තියෙන තැන පෙන්වන්න පුළුවන්ද?" සේහී රෙස්ටුරන්ට් එකේ උන්න සේවකයෙක්ට කිව්වා...

"Ok sure mam"

"එන්න අපි යමු ජන්කුක්" සේහි සහ ජන්කුක් දෙන්නා ආවේ සේහිගේ ආරාධනාවෙන් එයාලගේ ඩිනර් එකට... සේහී ඇත්තටම ලොකු රෙස්ටුරන්ට් එකක් ඒ වෙනුවෙන් තෝරගෙන තිබුණා...

"සේහි ඇත්තටම මෙච්චර ලොකු තැනක්, ම්ම් නෝමල් ඩිනර් එකකට ඇත්තටම මේක හොද වැඩී වගේ... ඇයි මෙච්චර වියදම් කලේ?" ජන්කුක් ඇත්තටම අකමැති උනා යාලුවෙක් උනත් එයා වෙනුවෙන් මේ තරම් වියදමක් දරණවට... ඇත්තටම ජන්කුක් සේහි දෙන්නා එතරම් ලග මිතුරනුත් නෙවෙයි!!

"නෝ ජන්කුක්, මං කැමති උන විදිහ මේක ප්ලීස් කැමති වෙන්න ප්ලීස් ප්ලීස් ප්ලීස්..." සේහී හරිම අහිංසක විදිහට ජන්කුක්ගෙන් ඉල්ලුවාම ජන්කුක්ට සතුටු හිතුනා... ජන්කුක් හිනා වෙලා කැමතී කිව්වා... "ඕකේ ඕකේ"

ඒත් අද නාලිකාවෙන් එලියට ඇවිත් සේහී එක්ක මෙතනට ආව එක ගැන ජන්කුක්ගේ හිතේ කොනක තිබුනේ හිතාගන්න බැරි අමුතු දෙයක්... හරියට ලොකු කරදරයකට පෙර දැනෙන මූසල හැගීමක් වගේ දෙයක්...

ඒක තව තවත් වර්ධනය වෙන්න හේතුවක් උනා කිව්වොත් හරි මුලු රෙස්ටුරන්ට් එකේම එයාලා විතරක් තනි වීම...

"සේහි ඔයා මුලු හෝල් එකම රෙන්ට් කරාද? අයි මීන් අද වගේ ඩේට් එකක හොටෙල් එකේ අපි විතරයි... ඔයා?"

"ගෝඩ් ජන්කුක් මං මේ තැන ප්ලෑන් කරාට මං ඒ තරම් කෝටිපතියෙක් නෙවෙයි අනේ... අනේ මංද සමහරවිට වෙන කෙනෙක් රෙන්ට් කරන්න ඇති" සේහිත් කලබලෙන් වටපිට බැලුවාමයි එයාටත් ඒක මීටර් උනේ...

මෙච්චර ලොකු රෙස්ටුරන්ට් එකක, ඇරත් නගරයේ තියෙන හොදම ප්‍රසිද්ධම රෙස්ටුරන්ට් එකේ සතියේ දවසක් වෙලත් කවුරුත්ම නැති එක-

"ඒත් අපි ඉන්නවනේ..." ජන්කුක් කොහොමත් දෙයක් ගැන ලොකුවට හිතන කෙනෙක්, ඒත් අද ඇත්තටම අමුතුයි...

"ඒක නම් ඇත්ත..." සේහිත් හොදට ආපහු සැරයක් වටපිට බැලුවා ඒත් එක්කම වගේ වේටර් ආවම ජන්කුක් හැර සේහී සේරම අමතක කරලා වැඩේට අවදානය දුන්නා...

REVENGE NOTE|TK|✔Where stories live. Discover now