chapter 11

408 129 42
                                    

"මොනාද ජන්කුක් ඔයා මේ කරන්නේ? ඔයාට පිස්සුද ඒ මිනිහව තවත් ආශ්‍රය කරන්න? ඇයි කියන දේ අහන්නේ නැත්තේ? ඔයා මට බොරු කිව්වා... ඔයා කිව්වා නේද තවත් ඒ සම්බන්ධය නෑ කියලා... ඔයාට අමතකද එයා කරපු දේවල්, ඔයා කොහොමද ඔහොම-" නම්ජූන් ගේ ඇතුලට ඇවිල්ලා අතේ තිබුණ ලොකු මල් පොකුරත් පොලේ ගහලා ජන්කුක්ට බැනගෙන බැනගෙන ගියා...

නම්ජූන්ට තරහයි ඊටත් වඩා බයයි කිව්ව නම් හරි... එයා කැමති නෑ ජන්කුක් තවත් දුක් විදිනවා දකින්න ඒකයි එයා මෙහෙම ජන්කුක්ට කෑ ගහන්නේ...

"මං බොරු කිව්වේ නෑ නම්ජූන්... මං බොරු කිව්වේ නෑ ඒක ඇත්ත, ඇත්ත මං එයාව ආපහු මීට් වෙන්න ගියේ නෑ... අපි බ්‍රේක්අප් උනා..." ජන්කුක් ඉකි ගගහා අඩ අඩ නම්ජූන්ට ඇත්ත කිව්වා...

අතීතය මතක් කරන එක, මතක් වෙන එක දුකක් ජන්කුක්ට...

"ඇත්ත- බ්‍රේක්අප් උන අය කවදාවත් උදේට මෙහෙම මල්පොකුරු එවනවද?" නම්ජූන් බිම තියෙන මල් පොකුර දිහාවට ඇගිල්ල දික් කරලා තවත් හයියෙන් කෑ ගැහුවා... එලියට ඇහෙන තරම්ම හයියෙන්...

"මේ දේවල් මෙහෙම වෙන්න ඕන දේවල් නෙවෙයි ජන්කුක්... ඔයා මගේ විශ්වාසය, ජිමින්ගේ විශ්වාසය බින්දා තවත් මට කතා කරන්න එපා..." නම්ජූන් ගෙදරින් එලියට ගියේ ජන්කුක් බිම වැටිලා හොදටම අඩද්දී...

'මමයි, ජිමිනුයි දේවල් ගොඩක් හංගලා ඔයාව එයාගෙන් ඈත් කරේ මේ දේවල් මෙහෙම වෙනවා දකින්න නෙවෙයි ජන්කුක්...' නම්ජූන් එයාගේ වාහනේට නැගලා වේගයෙන් යන්න ගියා...

ජන්කුක් අද වැඩට යන්න ඕන උනත් එයා තාමත් දොර මුල්ලට හේත්තු වෙලා හොදටම අඩන ගමන් උන්නා... නම්ජූන් කිව්ව දේවල් වගේම අතීතයත් එයාගේ ඇස් වල වගේම කන් වලත් දෝංකාර දෙද්දී ජන්කුක් ඇස් දෙක තද කරගෙන, කන් දෙකත් අතින් වහ ගත්තා...








වේගයෙන් වාහනය එලවගෙන ගියපු නම්ජූන් හොදටම අඩන ගමන් දිගටම දිගටම ඉස්සරහට ගියා... තව පැය තුනකින් එයා දේජු යන ෆ්ලයිට් එකට නගින්න ඕනා උනත් නම්ජූන් තවමත් ආතක් පාතක් නැතුව වාහනේ ඩ්‍රයිව් කරගෙන ගියේ හිතේ තිබුණ වේදනාවටයි...

REVENGE NOTE|TK|✔Where stories live. Discover now