chapter 5

474 125 9
                                    

_After two weeks_

"ජන්කුක් ඔයාට නේද අද වාර්තා කිරීම් කරන්න කිව්වේ?" මියුන්වා ඇහුවේ තමන්ගේ මේසෙට වෙලා කොල වගයක් බදාගෙන ඉන්න ජන්කුක්ට...

"ඔව් මට තමයි" රෙකෝඩර් එක අතට ගත්ත ජන්කුක් ඒකෙ වාර්තා වෙලා තිබුන දේවල් සටහන් කරගන්න පටන් ගත්තා...

"හරිනම් ඔයා දැන් එතනට යන්න ඕන නැද්ද? ඔයා පරක්කු වෙලා දැනටමත්" මියුන්වා කියද්දී වැඩිය ගනන් ගත්තේ නැති ජන්කුක් වැඩේට අවදානය දුන්නා ඒත්,

"නෑ මං වෙලා- ඕ ශිට් මේකෙ වෙලාව නැවතිලා..." නිකමට ඔරලෝසුව දිහා බලපු ජන්කුක්ට දැන් ටිකකට කලින් බලද්දී තිබුණ වෙලාවම ඒ විදිහටම තියෙනවා දකිද්දී එකපාරටම පුටුවෙන් කෙලින් උනා...

"ඉක්මනට යන්න, මං හිතන්නෑ ඔයා හෙඩ්ගෙන් තවත් බැනුම් අහගන්න ඕන කියලා..." කලබලෙන් තමන්ගේ බඩු ටික බෑග් එකට දාගන්න ජන්කුක් දිහා බලාගෙන මියුන්වා කිව්වා...

"තෑන්ක් යූ මියුන්වා..." ඉක්මනට එතනින් දුවගෙන ගියපු ජන්කුක් අදාල වෙලවට පැය කාලක් ප්‍රමාද වෙලා හෝ එතනට ගියා...

එදා නම්ජූන් එක්ක ජිමින්ගේ ගෙදර අයව මුණ ගැහිලා ආවට පස්සේ ජන්කුක්ට වැඩ ගොඩ ගැහුනා... කොච්චර නම් වැඩ වැටුනද කියනවා නම් ජන්කුක් සති දෙකක්ම ගෙදර ගිහිනුත් නැහැ...

කාලය ටිකෙන් ටික ගත වෙද්දී, ජන්කුක්ට ජොබ් එක ඇතුලෙත් ලොකුවට වැඩ ගොඩ ගැහෙද්දී, තවත් දෙයක් ගැන එයාට හිතන්න වෙලාවක් එයාට ඇත්තටම තිබුනේ නෑ... හරියටම කිව්වොත් ජන්කුක්ට ජිමින් ගැන ටිකකට අමතක උනා කිව්වොත්-

ජිමින්ගේ අතුරුදහන් වීම සම්බන්ධව තවමත් කිසිම තොරතුරක්, ආරංචියක් හෝ සාක්ෂියක් ලැබුනේ නෑ... ජන්කුක් උනත් මේ කාලය තුල ඒ දේට අවදානය නොදුන්න නිසා එයාටත් ඒක මිස් වෙලා ගියා...



ජන්කුක් අදත් සුපුරුදු පරිදි එයාගේ වාර්තා කටයුතු වල නිරත උනා...

"මා මේ රැදී සිටින්නේ ඊයේ රාත්‍රීයේ සියදිවි නසාගත් තරුණයාගේ දේහය අසලයි... අපට ලැබුණු තොරතුරු අනුව දැඩි මානසික පීඩනයකින් සිටි ඔහු මෙලෙස සිදුකරගෙන-"

REVENGE NOTE|TK|✔Where stories live. Discover now