chapter 6

437 121 46
                                    

පහුවදා උදෙන්ම නාලිකාවට ගියපු ජන්කුක් ආපහු දවස් කීපයක්ම කාර්යබහුල උනා... ඒත් එයා විවේකයක් ලැබෙන හැම මොහෝතකම එයාගේ බෑග් එකේ දාගෙන තිබුන ජිමින්ගේ ඩයරි එක කියවන්න උනා...

ජන්කුක් දැන් කියවන්නේ ජිමින් යුනිවර්සිටි එකෙන් අවුට් වෙන්න මාස තුනකට විතර කලින් කාලයක් ගැනයි...

විවේක වෙලාවේ කැන්ටිමට ආව ජන්කුක් උණු කෝපි එකක් විතරක් අරගෙන කොනේම තිබුන මේසෙට ගිහින් ඉදගෙන බෑග් එකෙන් පොත අරගත්තා... බුක්මාක් එක දාලා තිබුන පිටුව පෙරලගත්ත ජන්කුක් හෙමීට කෝපි එකත් බොන ගමන් ඩයරි එක කියවගෙන යන්න පටන් ගත්තා...

__________________________________

අද එයා මට කැමතී කියලා කිව්වා. ඒත් ඇත්තටම එයා මට කැමතිද? ජේවූන් කිව්ව විදිහට එයාට යුනිවර්සිටි එකේ හැම තැනම ගෑණු ලමයි ඉන්නවා. ඉතින් එකපාරටම එයා මට කැමතී කිව්වාම මං එයාට කැමති වෙන්න ඕනද? නෑ ඇත්තටම මං මෙතනට ආවේ ඉගෙනගන්න සල්ලිකාර කොල්ලොන්ව ඇගේ ගහගෙන නැති ප්‍රශ්ණ ඕන නෑනේ.

නිමි!
___________________________________

ජන්කුක් ඊගාව පිටුව පෙරලුවේ ජිමින්ගෙන් යාලු වෙන්න අහපු සල්ලිකාර කොල්ලගේ නම දැනගන්නයි... එයා උනන්දුවෙන් ඊගාව පිටුවත් කියෙව්වා...

__________________________________

ජේවූන් කියන විදිහට කලින් නම් එයා කාගෙවත් පස්සෙන් ගිහින් නෑලු. ඒත් එයා මගේ පස්සෙන් එනවා, මගෙන් යාලු වෙන්න අහනවා, මට තෑගිත් ගෙනත් දුන්නා. ඒත් ඇයි මට අමුත්තක් දැනෙන්නේ එයාගේ හැසිරීමේ. ඒත් මට එක දෙයක් හිතෙනවා ඒ මං සමහරවිට එයා ගැන හිතන්න අරගෙන වගේ කියලා.

නිමි!
__________________________________

___________________________________

අදත් එයා මගේ පස්සෙන් මං නැවතිලා ඉන්න බෝඩිමට වෙනකංම ආවා. මට තේරෙන්නෑ එයා ඇයි මං වගේ කෙනෙක්ට කැමති උනේ කියලා. ඇත්තටම හැමෝම මට ඊර්ෂ්‍යා කරනවත් වගේ. කරදරයක් අත ලග කියලා හිතෙනවා.

නිමි!
__________________________________

__________________________________

REVENGE NOTE|TK|✔Where stories live. Discover now