chapter 16

397 124 59
                                    

Flashback
-අවුරුදු 2 කට වගේ පෙර-

"ඕ මයි ගෝඩ් අයිම් ටූ ලේට්" ජන්කුක් ඉක්මනට ජැකට් එක දාගෙන ගෙදරින් එලියට දිව්වා... ජන්කුක් හිටියේ එයාගේ ඔම්මා එක්ක උනත් මේ දවස් වල ඔම්ම උන්නේ හොස්පිට්ල් එකේ... ඉතින් ජන්කුක් පුරුදු විදිහටම අදත් නැගිටිද්දී වෙලා ගිහින්, ඔම්මව බලන්න යන්නත් තියෙන නිසා ජන්කුක් මේ වෙද්දී ෆ්ලෑශ් ආරූඪ කරගෙන ලෑස්ති වෙලා එලියට පැන්නා...

යුනිවර්සිටි අවුට් වෙලා ගෙදරට වෙලා උන්න ජන්කුක් ටික දවසකට එයාගේ අප්පගේ බිස්නස් ටික බලාගත්තට එයාගේ හීනෙට යන වැඩේ අත ඇරියේ නම් නෑ... මේ වෙද්දිත් ජන්කුක් සම්මුඛ සාකච්ඡා පහකට විතර ඇප්ලිකේශන් දාලා දැන් ඒවගෙන් එයාට කතා කරලත් ඉවරයි...

බයික් එකේ නැගලා ජන්කුක් වේගෙන් හොස්පිට්ල් එකට ගියේ එයාගේ ඔම්මගේ තරහ ගියපු මූණ මැවි මැවි පෙනෙද්දී...

"ඔම්මා මොකක්ද අප්පා, මං ආසයිනේ ඉතින්" ජන්කුක් ඔම්මගේ අත අතින් අල්ලගෙන හුරතල් උනේ එයාගේ ඔම්මා එයාට ගෙදරින් යන්න අවසර නොදුන්න නිසයි...

ජන්කුක්ගේ හීනෙට යන්න නම් ජන්කුක් සෝල් වලට යන්න අත්‍යවශ්‍යය උනත් ඔම්ම කැමති නෑ එයාගේ චූටිව තනියම ගෙදරක නතර කරන්න... එයාටත් අසනීප නිසා එයාට ජන්කුක් එක්ක යන්නත් බැරි නිසා එයා ජන්කුක් යන එකට විරුද්ධ උනා...

"මං කිව්වනේ චූටී, ඔයා අඩුම හදන්න දන්නේ කෝපි එකක් විතරයි... ඔයා බඩගින්නේ මැරෙනවා බලන්න මට බෑ" ඔම්මා ගස්සලා අහක බලාගත්තේ එයාගේ විරුද්ධත්වය තදින්ම කියලයි...

"අනී ඔම්මියෝ...." ජන්කුක් පුලුවන් උපරිමයෙන් හුරතලේට ඔම්මගේ ඇගේ දැවටෙන්න ගත්තේ ඒක ඔම්මව හුගක් අසරණ කරන අවස්ථාව කියලා හොදාකාරවම දන්න නිසයි...

"ඔයාගෙ ඔය හුරතලේ තමයි හැමදේටම මුල... තමුසෙව බදින එකාට දෙයියන්ගෙම සරණයි ආහ්" ජන්කුක්ගේ ඔම්මා අසරණ විදිහට කිව්වා...

"මාසෙකට සැරයක් ගෙදර එනවා කියලා පොරොන්දු උනොත් යන්න පුළුවන්" ඔම්මා අවසාන තීරණය කියද්දී ඔයින් ගියා මදැයි කියලා ජන්කුක් ඒ කොන්දේසියට කැමති උනා...

REVENGE NOTE|TK|✔Where stories live. Discover now