chapter 28

500 128 101
                                    

"ඔහ් එහෙනම් අන්තිමට ඔයා මාව බලන්න ආවා මගේ ජන්කූ..." ඒ කටහඩ ඇහෙද්දී, ඒ රූපය දකිද්දී මට ඕන උනේ කෑ ගහලා අඩන්න... මටම ගහගන්න... ඇයි මං එයාට ආදරය කලේ? ඇයි තවමත් අමතක කරන්න බැරි උනේ? කියලා මගෙන්ම අහගන්න...

ටේගේ ඇස් මගේ දිහා බලාගෙන ඉන්නවා ඒවගේ වෙනසක් දකින්න නෑ... ඒවා එදා වගේමයි හරිම ලස්සනයි දිගයි ආදරේ ගොඩක් පිරිලා... ඒත්- ඒත් ටේ ඔයා ඇත්තටම කවුද? මං නිශ්ශබ්දව උන්නා එයාට කතා කරන්න දීලා...

"දෙවියනේ මං බලාපොරොත්තු උනා ඔයා එනවා කියලා මාව බලන්න... මං ආදරෙයි මගේ ජන්කූ" ටේ ආපහු වතාවක් මාව බදාගත්තා...

'ජන්කූ' ඒ වචනේ ටේගේ කටින් පිටවෙද්දී මට ඇති උනේ කියාගන්න බැරි දුක මිශ්‍ර උන සතුටක්... ආපහු එයා මට ඒ නමින් කතා කලා නේද? ඒත් එයා කවුද ජන්කුක්?

"එන්න මගේ ජන්කූ ඇවිත් වාඩිවෙන්න" මං එයාගේ ගෙදරට ආව අමුත්තෙක් වගේ එයා මාව අතින් ඇදගෙන යන්න හදනවා... නෑ කොහෙත්ම මං ඔයාට තවම සමාව දීලා නෑ ටේ-

ඒක එහෙමද?

"අතාරිනවා" මං ටිකක් හයියෙන් කෑ ගහලා එයා අල්ලගෙන උන්න අත ඇදලා ගත්තා... එයා බය උනා එයා විතරක් නෙවෙයි මේ දෝංකාර දෙන කාමරේ ඇතුලේ මගේම හඩට මමත් බය උනා...

එලියේ හෝසොක් ඉන්නවා ඇති බයවෙන්න දෙයක් නෑ... මං හිත හදාගෙන ධෛර්යය අරගත්තා මොකද ටේ එක්ක මං කතා කරන්න ඕනා අනිවාර්යයෙන්ම-

<>

"cctv නිතරම ඒ දෙන්නට ෆෝකස් කරන්න කතා කරන ඒවා ජන්කුක්ගේ රෙකෝඩර් එකේ රෙකෝඩ් වෙයි" හෝසොක් ටේහ්යුංගේ කාමරේ සීසීටීවී තියෙන රූම් එකේ ඉදන් ජන්කුක්-ටේහ්යුං අතර වන කතා බහ දිහා බලාගෙන උන්නා...

ජන්කුක් ඔම්මගේ වචනය එක්ක කෙලින්ම ටේහ්යුංව මුණ ගැහුණේ නෑ එයා හෝසොක්ව හම්බ වෙන්න ගියා... හෝසොක් ජන්කුක්ගේ මාර්ගයෙන් ටේහ්යුං කතා නොකරපු දේවල් කතා කරවගන්නයි උත්සාහ කරන්නේ... ඒත් ඒ උවමනාව හෝසොක්ගේ විතරයි ජන්කුක්ට ඕන උනේ ටේහ්යුංව දකින්නයි... ඒ කටහඩ ආපහු පාරක් අහන්නයි...

<>

"මාව අල්ලන්න එපා මට තමුන්ව තවත් විශ්වාස නෑ ටේහ්යුං" මං කොහොමද එහෙම දෙයක් කිව්වේ? නෑ ටේ මට සමාවෙන්න... ඒත් මේක වෙන්න ඕන දෙයක්...

REVENGE NOTE|TK|✔Where stories live. Discover now