chapter 20

387 114 75
                                    

"ජන්කුක් ඇයි කියන දේ අහන්නේ නැත්තේ? ඒ මිනිහා ඔයාට රිද්දනවා ජන්කුක්... ප්ලීස් ඔය හාදයාව අමතක කරන්න" නම්ජූන් ජන්කුක්ට ටේහ්යුංව අතහරින්න කියලා දවස් ගානක වෙලේ ඉදන් එක එක හේතු හදමින් කිව්වා... හැබැයි ඇත්ත හේතුව හැංගුවා මොකද ඒක දරාගන්න බැරි හේතුවක් නිසා...

"ජන්කුකී මමත් කියන්නේ එයාව අතාරින්න කියලා අනික බලන්න එයා ඔයාට මාධ්‍යවේදියෙක් වෙන්න දෙන්නෙත් නෑනේ" ජිමින් පහර දුන්නේ ජන්කුක්ගේ දුර්වලතාවයට...

"ජිමින් හියුනුත් කියනවානේ ටිකක් හිතලා බලන්න, ටේහ්යුං ඔයාට කවදාවත් මාධ්‍යවේදියෙක් වෙන්න දෙන්නෑ ඒක මට විශ්වාසයි" නම්ජූන් බැරෑරුම් විදිහට රගපෑවා... එයාලට ඕනා ජන්කුක්ව ටේහ්යුංගෙන් වෙන්කරන්න විතරයි...

"ජන්කුකී ඔයාම හිතලා බලන්නකෝ... ඔයා ආන්ටිට, යාලුවන්ට, හියුන්ට හැමෝටම විරුද්ධ වෙලා ඔයා ඔයාගේ හීනේ හැබෑ කරගත්තා... ඔයා කොච්චර ආසාවෙන් උන්න දෙයක්ද මේ? ටිකක් හිතලා බලන්න ටේහ්යුං ඔයාට මේක කරන්න නොදුන්නොත්- ඕ මයි ගෝඩ් ඔයා ඔය එක්කෙනෙක් වෙනුවෙන් මෙච්චර ලොකු ජයග්‍රහණයක් අත හරිනවද?" ජිමින් කිව්ව දේවල් ජන්කුක් තව තවත් හිතුවා...

ටේහ්යුං කොහෙත්ම තමන් මාධ්‍යවේදියෙක් වෙනවාට කැමති නෑ කියන එක ජන්කුක් දැන් දැනුවත්... ජන්කුක් හුගක් ආසාවෙන් උන්නේ මේ දේ වෙනුවෙන් ඒත් ටේහ්යුංව අතාරින්න පුලුවන්ද? ටේහ්යුං තමන්ට ආදරෙයි, තමනුත් ටේහ්යුංට ආදරෙයිනේ...

ජන්කුක්ව නිකං දෙපැත්තකට හිරවෙලා වගේ... ටේහ්යුංගේ ආදරය තෝරගත්තොත් තමන්ගේ හීනේ, ආසාව තමන්ට අහිමි වෙනවා ඒක ස්තීරයි... ඒත් හීනෙට ගියොත් එයාට ටේහ්යුංව අමතක කරන්න වෙනවා... ජන්කුක් මොකක්ද කරන්නේ?

"ජන්කුක් මමත් මුලදී ඔය ජොබ් එකට අකමැති උනා තමයි ඒත් මට හිතෙනවා උබට ඕක ගැලපෙනවා කියලා... ඉතින් උබ ඕක අතඇරලා අරූ ගාවට යනවද?" නම්ජූන් ජන්කුක්ව අසරණ කලා... එයාලට වෙන කරන්න දෙයක් නෑ...

"මට ටේහ්යුං එක්ක කරන්න ඕනා..." ජන්කුක් තවත් වචනයක්වත් නොකියා ඉක්මනට ටේහ්යුංව හොයාගෙන ඔෆිස් එකට ගියා...

REVENGE NOTE|TK|✔Where stories live. Discover now