⛓️ Part 24 ⛓️

648 129 135
                                    

🔘 Author pov

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

🔘 Author pov

සූහී සමු අරන් අදට දවස් දෙකයි.. ඒ කිරි කැටියගේ හුරතල් හිනා හඩින් පිරිලා තිබ්බ ගෙදර අද මල ගෙදරක් වෙලා.. සූහිගෙ අවසන් කටයුතු හැමදේම ලස්සනට කෙරුනට එ ගෙදර තාමත් හිස් වෙලා...

නම්ජුන් මේ දවස් දෙකේ පුලුවන්  හැමවෙලාවෙම සූහිගෙ සොහොන ලග ඉන්න පුරුදු වෙලා.. එයා තනියම කතා කරනවා. අනිත් අයට ඒක එහෙම හිතුනත් නම්ජුන්ට එ හැම වෙලාවකම තමන්ගෙ ලමයව වෙනදටත් වඩා ලස්සන විදිහට මැවිලා පෙනුනා..

එ දෙන්නා හිනා උනා කතා කරා සින්දු කිව්වා.... සූහිට නින්ද යනකල් නම්ජුන් කතන්දර පොත් කියෙව්වා. මෙ හැමදේම බොරුවක් උනත් එ ලස්සන බොරුවට පුලුවන් උනා නම්ජුන්ව ජීවත් කරවන්න....

නම්ජුන් ගෙ යාලුවා උන ජැක්සන් ඇත්තටම හිතුවේ සූහිගෙ නැතිවීමත් එක්ක නම්ජුන්ට මානසික රෝගයක් කියලා. නම්ජුන් කොච්චර නෑ කිව්වත් ජැක්සන් අන්තිමේටම නම්ජුන්ව එක්කන් ගියේ hospital එකට.

කරපු හැම පරීක්ශනයකින්ම ඔප්පු උනා නම්ජුන්ට පිස්සු නෑ දරුවා නැති උන දුකටයි මෙහෙම උනෙ කියලා. එදා ඉදන් ජැක්සනුත් හැම වෙලාවෙම නම්ජුන් එක්ක හිටියේ වෙනදටත් වඩා හයියක් වෙලා.

මිහීගෙ තත්වය ගත්තොත් මීට කිසිම වෙනසක් නෑ. එයා මෙ දවස් දෙකම ගෙව්වේ සූහිගේ කාමරේ. සූහිගෙ කිරි සුවද තාමත් ඒ කාමරේ. සූහිව තුරුලෙ තියන් නිදි කරපු විදිහ එකට සෙල්ලම් කරපු විදිහ එ හැමදේම මිහීට හැම වෙලාවකම මැවි මැවී පෙනුනා...

සූහිගෙ නැති වීම මිහීට කොච්චර බලපෑවද කියනවානම් මිහී මෙ දවස් දෙකේ කාත් එක්කවත් කතාකරෙ නෑ. කෑම විදිහට පොඩි පොඩි කෑම කාලා හිටියා. සූහිගේ පින්තුරේ දිහා ඇස් පිල්ලම් නොගහා බලන් ඉන්නවා..

⛓️ MR. MAFIA ⛓️✅जहाँ कहानियाँ रहती हैं। अभी खोजें