Chapter 16 💭

1.9K 383 175
                                    

Call Me Daddy 💰💸

Chapter 16 💭
~ Even heaven cannot separate us~




අවසන් කොටස

.
ඒ සරත් සමයයි.. හරියටම සැප්තැම්බරයේ 16 වෙනිදා... අපි Sichuan බලා පිටත් වුනා.. චීනයේ දක්ෂිණ පලාත.. නිවාඩුවක් විදින්න හොදම තැන් තියෙන නිසා මමයි යිබෝයි ප්ලෑන් කරන් හිටියේ Sichuan වල Zhangzhan නගරයේ Jiuzhaigou නිම්නය බලන්න යන්න...

ඒ වගේම ටිබෙට් කෑම වර්ග ගොඩක් කන්න අත් අල්ලගෙන වීදි පුරා ඇවිදින්න අපි දෙන්නා හීන මැව්වා... අද ඒ හීන වල තනියම මම විතරයි.. මගෙ නසරානි යාලුවෝ දෙන්නා එක්ක වාහනේ නවත්තලා නිවාඩු නිකේතනය ගාව හිටගෙන හිටියා... අපි එද්දි රෑ වෙලා නිසා හෙට උදේම ඇවිදින්න යන්න තමයි හිතන් ඉන්නේ....

අපි ටිකක් රෙස්ට් කරලා ඇවිත් බියර් ඕඩර් කලා.. මං ලොකුවට ඩ්‍රින්ක්ස් ගන්න කෙනෙක් නෙවේ.. ඒත් මට බියර් එකක තද අවශ්‍යතාවයක් දැනුනා.. Exam වලට මැරිලා මැරිලා වගේ ඉදලා මට ඕන උනේ නැවුම් වෙන්න... ඒකට මං තෝරගත්තේ බියර් !

නිවාඩු නිකේතනයේ එලියෙ ගිනිමැලයක් වටේට ඉදගෙන අපි බියර් බොනවා බයිට් විදිහට චොක්ලට් කන ගමන්.. ඒකත් මගෙ යිබෝගේ හීනයක්... අපි යුනි එකේ ඉද්දි එයා කැමති උනේ නෑ මං බියර් එකක් වත් බොනවාට... ඒ නිසා මගෙ බල කිරීමට අපේ ට්‍රිප් එක දවසෙ එයා මට ඩ්‍රින්ක්ස් බොන්න අවසර දුන්නා...

ඉතින් එයාගෙ අවසරෙන් මං මේ වෙද්දි බෝතලේ කටේ තියන් ගහලා බාගෙකට වඩා හිස් කරලා... සැරින් සැරේ මගෙ අතිජාත මිත්‍රයෝ දෙන්නා මට චොක්ලට් කවනවා... චොක්ලට් කියන්නෙ තවත් මත්වෙන දෙයක්.. කොකෝවා සංයුතිය වැඩි උනහම තමයි චොක්ලට් ඩාර්ක් කියලා කියන්නෙ.. වෙන දවස් වලට මිල්ක් චොක්ලට් හොයන මම අද බියර් එක්ක ඩාර්ක් චොක්ලට් කනවා...

"ඇති ජාන්... ඔහොම එක දිගට බොන්න එපා... ඩෝප් වෙයි "

"ඔව් බන් මූට මොන යකා වැහිලද මන්දා... හෙට අපි Valley එක බලන්න යන්න ඕනෙ බූරුවෝ.. වෙරි ගතේ ගියහැකිද.."

"මූව බාත්ටබ් එකේ ඔබලා ගම්මූ නැත්තං මේ බොන විදිහට උදේට නැගිටගන්නවත් බැරි වෙයි..."

Call Me DADDY 💰💸 ✔️Where stories live. Discover now