PROLOGUE💕

1.1K 169 50
                                    

lily's pov💕

" ආහ්හ්හ්..අප්පා..මට රිදෙනවා ..ආහ් "

" තෝ බැල්ලි..නැගිටපිය..උබ කොහෙද මෙච්චර රෑ වෙනකන් හිටියෙ..තෝත් තොගෙ ඔම්මා වගේම තමා..අසහනේ..පිරිමින්ගෙ කලිසම් අස්සෙ රින්ගන්ඩ..පරට්ටි.. "

කෙල්ල බිත්තිය අස්සෙ ගුලි උනේ කෙල්ලගෙ තාත්තා බෙල්ට් එක ගත්ත නිසා..අදත් කෙල්ල ඇස් දෙක තදේට පියාගත්තෙ වෙන කරන්න දෙයක් නැතිකමට..කෙල්ලට කෑගහන්න ඕනී..අඩන්න ඕනි...ඒත් ඒකෙන් වෙන්නෙ තවත් ගුටි විතරයි කියලා කෙල්ල දන්නවා..ඉතින් කෙල්ල අත් දෙකෙන්ම කට වහගෙන ඇඩුවා..

අදත් තමන්ට ඇති වෙනකම්ම බෙල්ට් පාරවල් වලින් තමන්ගෙම දුවට තැලුව මිනිහා වෙරි මතේම තව බෝතලයක් හොයාගන්න ගියේ..කකුල් දෙකේ ලේ පවා බේරෙන පුංචි කෙල්ලව බිම ඔහෙ වැතිරිල ඉද්දී..

" ඔම්මා..ඇයි ඔයා මාව දාලා ගියේ.. "

කෙල්ල ජනේලෙන් පේන හද දිහා බලන් පිට කරේ හීන් කෙදිරිල්ලක්..ආයෙමත් අප්පා එන්න කලින් කෙල්ල බිත්තියට වාරු වෙවී ගියේ කාමරේට..

කෙල්ලම තනියෙන්..වෙව්ල වෙව්ල..පුංචි බෙහෙත් ටියුබ් එකක් අරන් කකුල්වල ගාගෙන..ඇදේ ඇල උනේ කෑමක්වත් නැතුව ..

" හෙටත් මාස්ට' ගෙන් බේරෙන්න වෙන්නෙ නෑ.. "

කෙල්ල ඇදේ අමාරුවෙන් ඇදේ හරිබරි ගැහිලා..ඇස් පියාගත්තා ..පුංචි කදුලු බිංදුවක් ඇස් අගින් බේරෙද්දි..කෙල්ල ඔක්කොම දේවල් අමතක කරල හීන ලෝකෙට ගියා...




Taehyung's pov

" අනේ මහත්තය ..තව මාසයක් දෙන්න..මන්...මන් කොහොමහරි කුලිය ගෙවන්නන්.. "

කොල්ලා බැගෑපත් උනේ හරි අසරණකමකින්..ඉතින් කොල්ල ගැන ඒ මනුස්සයටත් අනුකම්පා හිතුනා..ඒ මනුස්සයා ලොකු හුස්මක් පහත දාන ගමන් ටේහ්‍යුන්ට කතාකරා

" හොඳයි..එක මාසයක් දෙනවා..හැබැයි ගෙවාගන්න බැරි උනොත් බඩු ටික අරන් යන්ඩ ලෑස්ති වෙන්න.. "

" කුමාවෝ..චොම්මුල්..කුමාවෝ.. "

ටේහ්‍යුන් එයාගෙ බොක්ස් හිනාව දාන ගමන් කියවන් ගියේ හරි සතුටින්..

" ආ..මේ ලියුම ඔය ලමයට ආවේ.. "

ඒ මනුස්සයා සුදුපාට ලියුමක් ටේහ්‍යුන්ට දෙද්දී..කොල්ලා ඒක අතට අරන් අතගාලා බැලුවා..හරි පරිස්සමෙන් කොන හොයාගෙන..ලියුම එලියට ගත්ත කොල්ලා ගේ ඇතුලට ගියා..

" කොරියානු බැලරිනා ඇකඩමිය ..දෙවියනේ..මාව තෝරගෙන..ස්තූතියි..දෙවියනේ..ස්තූතියි.. "

ටේහ්‍යුන්ට හුගක් සතුටුයි..කොල්ලගෙ ඇස්වල කදුලු..කාත් කවුරුත් නැතුව ජීවත් වෙලා..තනියම රස්සාවකුත් හොයාගන්නවා කියන්නේ ..එයා වගේ කෙනෙක්ට හුගක් ලොකු දෙයක් ..

කොල්ලා අන්ධයි...

දකින හැමකෙනාවම වශී වෙන කඩවසම්බවක් කොල්ලට තිබ්බේ..ඒත් කොල්ලගෙ එක අඩුපාඩුවක් නිසා එයාව සමාජෙ කොන් උනා..

තමන්ගෙම දෙමව්පියො පවා කොල්ලව අතාරිනකොට..කොල්ලට ඉතුරු උනේ එයාම විතරයි ..

ඒත් කොල්ල පියානෝවට ආදරේ කරා..ඒකෙන් කොල්ලට ලොකු නිදහසක් හම්බෙනවා...

ඉතින් ඒ අපූරු නිදහස් බවට කොල්ල ආදරේ කලා..පුංචි කාලෙ ඉදන්ම..

ඒ වගේම එයා එයාගෙම නොවුනත් එයාගෙම ඔම්ම උනු පල්ලියෙ සිස්ට'ට ස්තුතිවන්ත උනා එයාට පියානෝ වාදනය ඉගැන්නුවට..

" ඔයාට මේක පුළුවන් ටේහ්‍යුනා..හවයිටින්.. "











To be continued...
ආතල් වැඩිය නෑ..🙂💔

බෝරින්ග් කතාවක් වෙයි..

Romance 🙂❤️

Romance 🙂❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️Where stories live. Discover now