7th chapter 💕

524 119 46
                                    

ටේහ්‍යුන් ..පුංචි තට්ටුවක් දැම්මේ ලිලීගෙ කාමරේ දොරට..

" ලිලී..කන්න එන්නකො..බඩගින්නෙ ඉන්න..එපා "

කොල්ල ලිලීගෙන් උත්තරයක් එනකන් උන්නත්..ලිලී උන්නෙ දොර ලගම බිම වාඩිවෙලා ..ලිලීට පුංචි හිනාවක් ගියේ..ඉස්සර කෑමක්වත් කෑවද..අහන්න කෙනෙක් නොහිටපු එයාම නේද මේ කියලා හිතෙද්දී...

" මට එපා.. "

" ම්..එපා කියන්නේ ..ලිලී එලියට එන්න..බඩගින්නෙ ඉන්න හොඳ නෑ.. "

" හහ්..මට බඩගින්නෙ ඉදල හොඳට පුරුදුයි ටේහ්‍යුන්..ඔයා වදවෙන්න උවමනා නෑ.. "

" ලිලී..

" නෑ..නෑ එපා..මිස්ට ටේහ්‍යුන්..මන් හොඳින් ..මට කොහොමත් ඔයාට වඩා හොඳ කෙනෙක් හම්බවේවි නෙ ..නේද..?
ඒක නිසා ඔයා වදවෙන්න ඕනි නෑ "

ලිලී සමච්චලේට හිනාවෙලා කියද්දි ටේහ්‍යුන්ගෙ මූනෙන් පෙනුනෙ අමුතු හැගීම් ගොඩක්..වෙනද තිබුනු ස‍ංසුන් අහිංසක පෙනුමට වඩා වෙනස් පෙනුමක්..

" ලිලී..මේ දොර අරින්න.. "

ලිලී පොඩ්ඩකට ගැස්සුනා ..ටේහ්‍යුන්ගෙ කටහඩේ වෙලා තිබුනු වෙනසට..ලිලී දවසම උනත් අහන් ඉන්න ආස ඒ භාවනාවක් වගේ ගැඹුරු කටහඬ ..මොකක්දෝ නපුරක් ආරූඪ කරගෙන..ලිලීගෙ ඇගේ හිරිගඩු පිපෙන්න තරම් ඒ කටහඬ ගැඹුරු වගේම තර්ජනාත්මක උනා...

" ලිලී..මගෙ යකා අවුස්සගන්න ඕනිද උබට..අරිනවා මේ දොර..මන් කඩන්න කලින්.. "

කෙල්ල එකපාරටම නැගිට්ට උනේ ටේහ්‍යුන්ගෙ කෑගැහිල්ලට..දොර කැඩෙන්න වගේ පාරවල් ගහන ගමන් ටේහ්‍යුන් කෑගහද්දි කෙල්ල බයටම දොර ඇරියා..වේගෙන් හුස්ම ගන්න ගමන් ලිලීව හොයන් ආපු කොල්ලගෙ ලොකු අත් ලිලීගෙ පුංචි ඇග ඇදල ගත්තෙ එයාගෙ උනුහුම් පපුවට...

" ටේ.. "

ලිලී බයෙන් වගේ කෙදිරුවෙ ටේහ්‍යුන්ගෙ දිහා බලාගෙන..ටේහ්‍යුන්ට ඒ පුංචි කටහඩේ බය දැනෙද්දි කොල්ල ලොකු හුස්මක් අරන් කෙල්ලගෙ ඉන වටේ එතිල තියෙන අත් දෙක හුස්ම හිරවෙන්න තරම් තද කරා..

" ම්ම්..ටේ..උබගෙ ටේ..නැතුව මිස්ටවත්..ටේහ්‍යුන්වත් නෙමේ.. "

කොල්ලගෙ නපුරු ගොරෝසු කටහඬ ඇහෙද්දි ලිලීගෙ ඇස්වලට කදුලු පිරුනා..කොහෙටද ගියේ ලිලීගෙ සුරදූතය..

" ඇ..යි මේ..ටේ ..?? ඔහොම කතාකරන්න එපා..මට දුකයි... "

" මටත් දුකයි..මටත් රිදෙනවා ..මාත් මනුස්සයෙක් ලිලී ..ඔයා අරහෙම කතාකරනකොට.. "

" එතකොට ඔයාට..මාව වෙන කෙනෙක් එක්ක ඉන්නවා බලන්න පුළුවන් ටේ ..එහෙම හිතන්න පුළුවන් ද..කියන්න මට..?? "

" ආනී...මගෙ..පපුව..පැලෙයි..මැනික.. "

" එහෙමනන්..දැන දැනමයි ඔයාටම රිද්දගන්නෙ..ඒකෙන් මටත් රිදෙනවා ටේ..ප්ලීස් මාව ඈත් කරන්න එපා..මට අවස්ථාවක් දෙන්න..ඔයත් එක්ක ජීවිතේ බෙදාගන්න .. "

" මට..බයයි ලිලී "

" ඇයි..?? "

" ම..මට..හොඳ සැමියෙක්..වෙන්න බැරි වේවි කියලා .. "

" ම්ම්හ්..සැමියෙක්..ඕහ් "

කෙල්ල එකපාරටම ඒක ඇදලම කිව්වේ ටේහ්‍යුන් ගල් වෙලා ඉදල..එකපාරටම රතු වෙද්දී..ටේහ්‍යුන් බිම බලාගන්න හදද්දි කෙල්ලනන් ඒකට ඉඩ දුන්නෙ නෑ

" මොකක්ද ..මොකක්ද ටේ..ඒ කිව්වේ..ආයෙමත් කියන්නකෝ..ප්ලීස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් "

" යාහ්..ලිලී.. "

" ඔමෝ..ඔමෝ මෙන්න කෙනෙක් රතු වෙනෝ..දැන් මගෙ අනාගත සැමියට ලැජ්ජ හිතිලද..ආහ්හ්???? "

" ලිලී..හ්.. "

" ආ..හා..ඉතින් මගෙ ආදරණීය ස්වාමිපුරුෂයාණෙනි..ඔයාගෙ බිරිඳට කන්න දෙන්නෙ නැද්ද..?? "

" ගුටි කන්න ආසද...මගෙ ආදරණීය බිරිඳ ..?? "

" ඔබගේ දිගු දෑතින් පිරිනමන ඕනෑම දෙයක් ස්වාමීනි.. "

ලිලී යටහත් පහත්ව කියලා කොල්ලගෙ අත්වලින් ගැලවිල හයියෙන් හිනාවෙවී දුවගෙන ගියේ ..ටේහ්‍යුන් බෙල්ලෙ පිටිපස්සෙ කසන ගමන් ලැජ්ජාවෙන් හිනාවෙද්දී...

" යාහ්..පබෝ..මොකක්ද ඒ කිව්වේ..ඊහ් "

ටේහ්‍යුන් එයාගෙම කටට එකක් ගහන් අඩිය පොලේ ගහල..කොල්ල පිස්සෙක් වගේ තනියෙන් හිනා උනා..

" හබීඊඊඊඉ...කෝ ඔයා..වයිෆිට බඩගිනියෝඕඕඕඔ.. "

" ආයිශ්..මේ කෙල්ලනන්..

එනෝ..එනෝඕ මේ එනෝඕඔ..මයෙ බටු වයිෆීඊඊඊඉ... "

" යාහ්හ්හ්හ්හ්හ්හ්.. "






To be continued...
පවුල් ප්‍රශ්න කියන්නේ හරියට කාලගුණය වගේ දෙයක් ..මෙහෙ බලද්දි එහෙ වෙනස් වෙනවා..🙂💔👍
හොඳම දේ තමා ඔනෙම පවුල් සංස්ථාවක ප්‍රශ්න වලට හොම්බ දාන්නෙ නැතුව ඉන්න එක..අත්දැකීමෙන් කියන්නේ 🙂💔👍

<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️Where stories live. Discover now