19th chapter 💕

470 110 43
                                    

ලිලී ජනේලෙ ලග ඉදගෙන ඔහේ එලිය දිහා බලාගෙන..කෙල්ලගෙ කම්මුල් දිගේ සට සට ගලා ගලන කදුලු වලට විවේකයක් නන් නෑ..ලොකු හුස්මක් පහල දාපු කෙල්ල එකපාරටම ගැස්සුනේ අඩි සද්දෙකට කෙල්ල ඉක්මනට කදුලු පිහදාගෙන කෙල්ලගෙ අතේ තිබුනු pregnancy test එක ඇදේ කොට්ටෙ අස්සට දාලා ඇදෙන්ම වාඩි උනා..

" චූටි මැනික.. "

" ම්.. "

" මගෙ ලිලී මල ප්‍රශ්නෙකින්ද..? "

" අහ්..ආනී..අ..නියා.. "

" ඒනම් ඇයි දැන් කතාවක්වත් නැත්තෙ ම්ම්.. "

" ඒම මුකුත්..නෑ ටේ.. "

" හ්ම්ම්..එන්නකො කන්න යමු..හොඳටම රෑ වෙලා.. "

" කන්න පිරියක් නෑ ටේ..ඔයා කන්න.. "

ලිලී කිව්වේ බලාගත්තු අත බලාගෙන..ටේහ්‍යුන්ට ඒ කටහඩේ අමුතු වියලි බවක් දැනුනෙ...කිසිම සතුටක් නැති..කොල්ලගෙ හිත ගැස්සුනා..එයාගෙ ලිලී මල වෙනස් වෙලාද..??

" ඇයි ..මැනික..?? කො ලගට එන්න බලන්න උණවත්ද කියලා .. "

ටේහ්‍යුන් ලගට එන්න කියලා කියද්දි කෙල්ල ඉක්මනට ම ටේහ්‍යුන්ගෙ ලගට ගිහින් කොල්ලව තදේට බදාගත්තා..ටේහ්‍යුන්ට ඒ බදාගැනීම..ඒ උනුහුමේ හරි වෙනසක් තේරුනා..

" ඔයා අද අමුතුයි මගෙ ලිලී මල.. "

" ටේ..අපිට සල්ලි දෙන්න කෙනෙක් හම්බවුනා..හෙටම හොස්පිට්ල් යමු හරිද..?? "

කෙල්ල ටේහ්‍යුන්ගෙ දිහා බැලුවම කොල්ලගෙ ඇස්වල කදුලු..ඉතින් ලිලීට ඒ සතුටෙ තරම හිතාගන්න පුළුවන් ..

" අනේ..දෙවියනේ..අන්තිමේ එහෙනම්..මට මගෙ ලිලී මලව මේ ඇස් දෙකෙන් දකින්න පුළුවන් නේද ?.. "

ටේහ්‍යුන්ගෙ සතුටින් දෝරෙ ගලන බලාපොරොත්තුව ඇහෙද්දි කෙල්ල කෑගහල අඩන්න හිතුවා...ඒත් ලිලී කරේ එයා පනටත් වඩා ආදරේ කරන කෙනාගෙ ලොකුම හීනෙ සැබෑ වෙන එකට හදවතින්ම සතුටු උනු එක..කෙල්ල එයාගෙ පපුව පැලෙන්න තරන් එන වේදනාව මොහොතකට අමතක කරන්න අසාර්ථක උත්සාහයක යෙදුනා...

" ටේ..මට කවනවද..?? "

" ඔහ්..දේ දේ..කෝ එන්නකො මගෙ චූටි ලිලී මල.. "

වෙනදට වඩා ලොකු හිනාවක් මූනෙ තියාගෙන කොල්ල හිටියෙ..එයාට ඉවසිල්ලක් නෑ එයාගෙ ලිලී මල හැබැහින්ම දකිනකන්..

ලිලී බලන් උන්නෙ ටේහ්‍යුන්ගෙ අත කෙල්ලගෙ බඩ වටේ පරිස්සමෙන් එතිල තියෙන විදිහ...

කෙල්ලට ටේහ්‍යුන්ගෙ කනට කරල කියන්න ඕනී එයා අප්පා කෙනෙක් වෙන්න යන්නෙ කියලා...

ඒත්..,

ලිලී එයාගෙ ආසාවල්..ඔක්කොම වල දාලා ටේහ්‍යුන්ගෙ අහිංසක හිනාව දිහා බලන් උන්නා..ඒ ඇබ්බැහි උනු උනුහුමේ ගුලි ගැහුනා..

කෙල්ලගෙ මුලු හිතම වේදනාවෙන් කෑගැහුවෙ එකම වචන පේලියක්...,

මේ අන්තිම මොහොත ලිලී..

" ටේ..මන් ආදරෙයි ගොඩාරියක්..මන් හැමදාම ඉන්නවා ඔයාගෙ මෙන්න මෙතෙන්ට වෙලා.. "

" ම්..මාත් ආදරෙයි මගෙ චූටි ලිලී මලට..ඔව් මෙතන සම්පුර්ණයෙන් ම අයිති මගෙ ලිලී මලට තමයි...හැමදාටම.. "

' අඩන්න එපා..ලිලී..අඩන්න එපා..කාලෙ..යද්දී..එයාට..මාව අමතක වෙයි..ම්ම්හ්..සමහරවිට මට වෛර කරයි..

ඔය ඇස් වෙන කෙනෙක්ගෙ වෙයි නේද රත්තරං...

ඔය හිතේ චූටි ම තැනක් හරි මන් වෙනුවෙන් තියාගන්නවද..

අනේ දෙයියනේ ..මන් කොහොමද ඔය අහිංසක හිනාව දකින්නෙ නැතුව ඉන්නෙ..

මන් මැරෙයි..

ඔය හෙවනෙන් ගියාම මන් කොහොමද ජීවත් වෙන්නෙ.. '



To be continued...
😪💔

<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️Where stories live. Discover now