EPILOGUE💕

801 140 106
                                    

" ලිලීඊඊඊඊඉහ්හ්හ්හ් "

එකපාරටම ලිලී ගැස්සිල ගියේ ඇහුනු ගොරෝසු කටහඩ..කෙල්ලගෙ පපුව එලියට වැටෙන්න ඔන්න මෙන්න ගැහෙද්දි කෙල්ල එයාගෙ ඇගේ ටවල් එක ඔතාගෙන නානකාමරෙන් එලියට ආවා..

ටේහ්‍යුන් දැක්කෙ ලිලී එයාගෙ බඩු අහුරල තියෙනවා ඒකෙන් උනේ ටේහ්‍යුන්ගෙ තරහ තව පොඩ්ඩක් වැඩි උනු එක විතරයි...කොල්ල කඩාගෙන බිදගෙන රූම් එකට යද්දී ලිලී බය උනේ ටේහ්‍යුන්ගෙ රතු ඇස් දැකල..කෙල්ලට බයටම ලොකු කෙල ගුලියක් ගිලුනෙ ටේහ්‍යුන්ගෙ දිහා බලන්න තරම් හයියක්  නැති නිසා..

ඒත් ටේහ්‍යුන්ගෙ ඇස් නන් ලිලීගෙ ලගින් හෙල්ලුනේ නෑ..කොල්ලට හිතුනෙම ඒ ඉන්නෙ ලිලී මලක් කියලා...සුදුපාට බෝල කම්මුල් වල ඉහිරුනු රෝසෙට..කෙල්ලගෙ ලා රෝසපාට පිරුණු පිම්බුනු තොල්..කෙල්ලගෙ බෝල ලොකු ඇස්..පුංචි නහය ..කෙල්ලගෙ සිනිඳු කලු කොන්ඩෙ..

ලිලීගෙ කම්මුල් එන්න එන්නම රතු උනේ ටේහ්‍යුන්ගෙ ඇස් කඩන් යන බැල්මයි කෙල්ල පොඩි ටවල් එකක් විතරක් ඇග වටේ ඔතන් ඉන්න නිසයි...

කෙල්ල දඩිබිඩියෙ ආයෙත් නානකාමරේට දුවන්න හද්දි ඊට ඉක්මන් උනු කොල්ල ලිලීගෙ චූටි අතකින් ඇදල කොල්ල ලිලීව පපුවට තුරුලු කරගත්තෙ සැනසුම් සුසුමක් පහත දාල..ටේහ්‍යුන්ට හුස්ම ගන්න පවා මතකෙට ආවෙ දැනුයි..එයාගෙ ලිලී මල දැක්කට පස්සෙයි...

" ටේ.. "

" ම්ම්..ටේ තමා..කවුද අවසර දුන්නෙ මාව දාලා යන්න ආහ්..උත්තර දෙන්න බලන්න මගෙ ලිලී මල.. "

ටේහ්‍යුන්ගෙ සැර කටහඬ ඇහෙද්දි කෙල්ලගෙ ඇගේ හිරිගඩුත් පිපුනා..කෙල්ල මුකුත් කියන්නේ නැතුව ටේහ්‍යුන්ගෙ උනුහුමේ ගුලිවෙලා ඉකියක් පිටකරද්දි ටේහ්‍යුන් කෙල්ලගෙ හිස්මුදුන ඉබල කෙල්ලගෙ ඉන වටේ එතුනු අත්වලින් ලිලීගෙ ඉන පිරිමැද්දා ..

" ම..මන්..හිතුවෙ..ඔයා..

" ෂ්ෂ්..මන් කොහෙවත් ගියෙ නැ නෙ මගෙ ලිලී මල..අඩන්න එපා.. "

ලිලී ඉකි ගහ ගහම ඔලුව හොල්ලල ටේහ්‍යුන්ගෙ උනුහුමේ තවත් ගුලි ගැහුනෙ ටේහ්‍යුන්ව අතුරුදහන් වේවී වගේ...ටේහ්‍යුන් කෙල්ලගෙ හිස්මුදුන ඉබගෙනම උන්නෙ මුලු වෙලාවෙම..කොල්ල තවත් එයාගෙ පුංචි ලිලී මලගෙ කදුලු බලන්න තරම් හයියක් නෑ...

<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️Where stories live. Discover now