16th chapter 💕

465 106 6
                                    

" ටේ..අනේ මට බයයි.. "

කෙල්ල කිව්වේ ටේහ්‍යුන්ගෙ අත් දෙකෙන් අල්ලගෙන..කොල්ල ලිලීගෙ චූටි අත් දෙකම ඉබල..කෙල්ලගෙ නලලත් ඉම්බේ ටේහ්‍යුන්ගෙ හිතේ ලිලී වෙනුවෙන් තියෙන ආදරේ පුරෝල..ලිලිත් ඇස් පියාන ඒ ආදරේ වින්දා..

" බය වෙන්න එපා මගෙ ලිලී මල..මන් දන්නවා මගෙ චූටි ලිලී මල හුගක් දක්ෂයි කියලා ..ඔන්න බලන්නකො මගෙ ලිලී මල තමයි අද ලස්සනම බැලරිනා නර්තනය කරන්නෙ..මේ හබී කියන දේ අහල ඔයාගෙ උපරිම ආත්ම විශ්වාසයෙන් ඉන්න..මගෙ ලිලී මල..මේක එක තරගයක් විතරයි..ඒත් මේක ඔයාගෙ එක හීනයක් එහෙම නේද ..??

ඒ නිසා..හදවතින් එන රිද්මෙට ඇහුම් කන් දෙන්න..බය වෙන්න එපා..මගෙ ලිලී මලගෙ නපුරු වලස් පැටියා හැමවෙලේම ඉන්නවා එයාගෙ චූටි ලිලී මලගෙ හයියට.. "

ලිලීගෙ ඇස්වල කදුලු කෙල්ල ටේහ්‍යුන්ගෙ ඉන තදේට බදාගෙන කොල්ලගෙ පපුවෙ මූන ඔබාගත්තා ..එතනයි ලිලීගෙ හදවත සංසුන් කරන්න පුළුවන් නැලවිලි ගීය හැමදාමත් ඇහුනේ..ඒ ටේහ්‍යුන්ගෙ හදවතෙ ගැස්ම..

" කුමාවෝ..ටේ..මන් ලග ඉන්නවට.. "

" ඔයානෙ මන් ලගට ඇවිත් මගෙ අදුරු ජීවිතේ ලස්සනට එලිය කලේ..ඉතින් මන් නෙමේද ස්තුති කරන්න ඕනි කෙනා.. "

" අහ්..මගෙ පණ්ඩිත තාත්ති..ඔහ්..මන් යනූ ටේ..මන් ආදලෙයි ගොඩාක්..ඔන්න හබී..වයිෆි කෝමහරි මේක කරනවා.. "

ලිලී ටේහ්‍යුන්ගෙ කම්මුලක් කිස් කරල දුවද්දී..ටේහ්‍යුන් හරි ලස්සනට හිනා උනා..

" මන් දන්නවා මගෙ ලිලී මල..ඔයා මේක කරනවමයි..මගෙ පුංචි ලිලී මල..හුගක් දක්ෂයි "

ඇකඩමියෙ ඉන්න අවසාන අවුරුද්දෙ බැලරිනා නර්තනයේ යෙදෙන ලමයි ඔක්කොම හරි ලස්සනට ඉදිරිපත් කිරීම් කරා..ලිලීගෙ හදවත නොසංසුන් උනත් කෙල්ලගෙ හිත සැනසුනේ කෙල්ල ඇස් පියන් මවාගත්ත ටේහ්‍යුන්ගෙ අහිංසක හිනාව නිසා...

කෙල්ල එයාගෙ හබීගෙ දිහා ඇස් කොනින් බලන්න අමතක කලේ නෑ..මොකද එයානෙ පියානෝ ප්ලේ කරේ..මුලු ඕඩියන්ස් එකෙන්ම ලිලීගෙ ඇස් හොරාගත්තු බැලරිනා නර්තනයට අත් පොලසන් හම්බෙද්දී කෙල්ලගෙ මූනෙ තිබුනු අව්‍යාජ හිනාවෙන් හැමෝටම සංග්‍රහ කලා...

<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️Where stories live. Discover now