8th chapter 💕

493 103 28
                                    

" මහන්සි ද..?? "

කොල්ලා ඇහුවෙ බ්‍රේක් එකේදි ලිලී ඇවිත් පියෝනා එක ලග වාඩිවෙලා උන්නු ටේහ්‍යුන්ගෙ උකුලෙ ඉද ගත්ත නිසා..ප්‍රැක්ටිස් රූම් එකේ කවුරුත් නැති නිසා දෙන්නටම ප්‍රශ්නයක් උනේ නෑ

" ම්ම්..අද එකම ස්ටෙප් එක කරේ.. "

" කෝ..ඉන්න මන් මසාජ් කරන්න කකුල්..දෙක "

ටේහ්‍යුන්ගෙ අත් හරි පරිස්සමෙන් කෙල්ලගෙ කකුල් මසාජ් කරද්දි කෙල්ල සනීපෙට කෙදිරි ගාන ගමන් ටේහ්‍යුන්ගෙ බෙල්ල අස්සෙ මූන ඔබාගත්තෙ කොල්ලට හිනාවක් යද්දි..

" ටේ..අප්පා..ම්..මෙහෙට එයිද..?? අනේ ටේ..මට බයයි..ම..මට බෑ ආයෙමත් එහෙ යන්න.. "

" ආනියා..මන් ඔයාව අරගෙන යන්න දෙන්නෙ නෑ මගෙ ලිලී මල..ඔයා මගේ නෙ.. "

" අපි..අද බදිමුද ටේ..?? "

ලිලී පුංචි කටහඬකින් ටේහ්‍යුන්ගෙන් අහද්දි කොල්ල මොහොතකට නැවතුනා..ටේහ්‍යුන් ආයෙමත් හිතුවා..එයා මේ කරන දේ හරිද කියලා ..එයාට ඕනි උනේ නෑ ලිලීගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න..

" ඔයා..මේක ගැන පසුතැවිලි නොවේවි නේද මගෙ ලිලී..?? "

" ආනියා..මට ඕනි හැමදාම ඔයා ලග ඉන්න ටේ... "

ටේහ්‍යුන් කෙල්ලගෙ ඔලුව අතගාලා නලලින් හාද්දක් තිබ්බේ කොල්ලගෙ ආදරේ පුරෝලා..ඒත් තාමත්..ටේහ්‍යුන් ලිලීට ආදරෙයි කියලා නෑ..

ලිලීට ටේහ්‍යුන්ගෙ ආදරේ දැනුනෙ ඒ පුංචි පුංචි හැසිරීම්..ඒ වචන..ඒ ආරක්ෂාවෙන්..ඉතින් කෙල්ලට ඕනි නෑ ටේහ්‍යුන්ගෙ කටින් එයාට ආදරෙයි කියලා අහගන්න..මොකද කෙල්ල දන්නවා ටේහ්‍යුන් එයාගෙ ආදරේ වචන වලින් වලට වඩා හැසිරීමෙන් පෙන්නන්නෙ කියලා ...

" මගෙ පුංචි ලිලී..මල.. "

" ම්ම්... "

" මැනිකටත් ආසාවක් ඇති නේද ..අනිත් ගෑනු ලමයි වගේ..ලස්සන වෙඩින් එකක් ගන්න..මගෙ ලිලී මලගෙ ජීවිතේ ලස්සනම දවස සමරන විදිහ ගැන හීනයක් ඇති නේද ..?? "

" මට..එහෙම ලොකු ලොකු හීන තිබුනෙ නෑ ටේ..මන්..ජීවත් වෙන්න තියෙන බලාපොරොත්තුවත් කදුලුවලම දියකරල ඇරල තිබ්බේ..හ්ම්..මන් හිතුවෙ මගෙම අප්පා..සල්ලිවලටම මාව කාටහරි විකුණාවි කියලා .. එහෙව් මට ලොකු ලොකු හීන තිබ්බේ නෑ ටේ..මන් මැව්වෙත් නෑ එහෙම හීන..

ඒත් දැන් නන් තියෙනවාආඅ..!! "

ටේහ්‍යුන් කෙල්ලගෙ කොන්ඩෙ අතාගන ගමන්..අනිත් අතින් කෙල්ලගෙ කකුලක් මසාජ් කර කර කෙල්ලගෙ කතාව අහන් උන්නා..හරි සංසුන්ව ..ඒවගේම දුකකින්..එයාගෙ චූටි ලිලී මල කොයිතරම් දුක් විදලද..එයාට ආවේ ලිලීගෙ අප්පා එක්ක පුදුමාකාර තරහක්..

" ම්ම්..ම්ම්හ්හ් ඒ මොකක්ද ..? "

" ඔය ලොකු ලොකු විකාර වෙඩින් අනන්..මනන් නැතුව ..අපි දෙන්නා විත්තරක්ක්ක්ක්..තනීඊඊඉයෙන්..රෙජිස්ට්‍රාර් ඔෆිස් එකේ කසාද බදින්න.. "

" ඔය ඇත්තමද මගෙ ලිලී මල..?? "

" දේහ්..පබෝ..ඊට ..පස්ස්ස්ස්ස්සේඒඒ...ම්ම්ම් ඔහොම ඉන්නකො රහසක් කියන්න .. "

කෙල්ල ටේහ්‍යුන්ගෙ කනට කරල කොදුරද්දී ටේහ්‍යුන් කෙල්ලගෙ හුරතලේට හිනාවෙවී උන්න..,

" ඊට ..පස්සෙ..චූටිම..චූටි පැටියෙක්..ඊටත්..පස්ස්ස්සේ..තව චූටි බබෙක්..ම්හ්..තව තව අන්තිමේ ..පහක් වෙනකම්ම.. "

ටේහ්‍යුන්ගෙ පපුවේ වේගෙ එලියට ඇහෙන තරම් හයියෙන් ගැහෙනවා..කෙල්ලට හිනාවක් ගියේ ටේහ්‍යුන්ගෙ පපුවේ සද්දෙ කෙල්ලට හොඳටම දැනෙන නිසා..ටේහ්‍යුන්ගෙ කම්මුල් රතුවේගෙන එද්දී ලිලී එයාගෙ හුරතල් බෙලෙක් හිනාව දාන ගමන් ටේහ්‍යුන්ගෙ රතු උනු කම්මුල්වල හාදු තිබ්බේ ටේහ්‍යුන් චූටි එකෙක් වගේ හිනාවෙද්දී...

" මන් ඔයාට ආදරෙයි මගෙ පුංචි ලිලී මල..ගොඩාක් ආදරෙයි .. "

ටේහ්‍යුන්ගෙ උනුහුම් හාදුවක් එක්ක කොල්ලගෙ ආදරේ ප්‍රකාශ කිරීම ඇහුනම..ලිලීගෙ කම්මුල් රතුවෙලා ගියා..කෙල්ල ආයෙමත් ටේහ්‍යුන්ගෙ කම්මුලක් කිස් කරල කොල්ලගෙ බෙල්ලෙ මූන ඔබාගත්තා ..

" මාත් ආදරෙයි ..ටේ..මගෙ නපුරු වලස් පැටියා.. "

" යාහ්..මන් නපුරු නෑ... "

" එතකොට කවුද දන්නෙ නෑ ඊයේ මහ හයියෙන් කෑගැහුවෙ.. "

" ආයිශ්..මේ පණ්ඩිත කෙල්ලනන්.. "





To be continued...
🙂💔
මන් මේ මොනාද ලියන්නෙ ..ජෙයියනේ ..😭👍

<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️Where stories live. Discover now