15th chapter 💕

501 103 25
                                    

ලිලී නන් උන්නෙ එයාගෙ ඉස්සරහට වෙලා ඉන්න පොඩි කෙල්ලෙක්ට රව රව..කෙල්ලගෙ පිබිල්ල ඇහෙද්දි ටේහ්‍යුන් කෙල්ලගෙ අත හොයාගෙන ඇවිත් සිනිඳුවට අත ගෑවේ ලිලීගෙ අවදානය ගන්න..

" ලිලී..ඇයි මොකක්ද උනේ මැනික?? "

" ටේ..අනේ පොඩි කෙල්ලෙක් ඔයා දිහාම බලනවා..හුම්..සෙද්ද.. "

කෙල්ල පිබ පිබ කියද්දි ටේහ්‍යුන්ට හිනාවක් ගියේ කෙල්ලගෙ කටහඬ හුරතල් තරහකින් පිරිල නිසා..විටෙන් විටේ තරහින් පිබිනවා ඇහෙද්දි කොල්ලට හිනායන එක නවත්තන්න නන් බැරි උනා...

" මොකො හිනාවෙන්නෙ ආහ්?? "

" ඔමෝ..ඔමෝ මෙන්න ලිලී මලකට තරහ ගිහින්..ආනියා..ඉරිසියා හිතිල..

කෝ ඉතින් ඔය පිබිල්ල නවත්තන්න දැන්..මගෙ ඉරිසියාකාර ලිලී මල.. "

" ආහ්..දේ දේ..මට ඉලිසියයි තමා..එයා ඔය බලන් ඉන්නෙ මගෙ හබී දිහා..හුම් ..ෆුෆ්.. "

" ඒත් මන් ආදරේ මගෙ චූටි වයිෆිටනෙ.. "

ටේහ්‍යුන් කෙල්ලගෙ ඔලුවත් අතගාලා හරි ආදරෙන් කියද්දි කෙල්ල පොඩි එකෙක් වගේ මූනත් පුම්බගෙන ඔලුව හෙල්ලුවා..දෙන්නම උන්නෙ හැල්මොනි එන්න කියලා කිව්ව උත්සවේ..ඉතින් ටේහ්‍යුන්ගෙ දිහා පොඩි කෙල්ලෙක් හැමවෙලේම බලද්දි ලිලීට ඉතින් ඉරිසියයි ..කෙල්ලත් නැතෑ එයාගෙ වලස් පැටියා වගේම..

ලිලීට දැන් ඉවසන්න බෑ..හැමවෙලේම ටේහ්‍යුන්ගෙ දිහාම බලන කෙල්ල ලිලීව නිකන් පේන්නෙ නෑ වගේ ඉන්නෙ..බිම පැදුරු දාලා වාඩි වෙලා උන්නෙ ඉන්න හැමෝම..සමහරු එලියෙ..

ටේහ්‍යුන් වගේම ලිලී උන්නෙ එලියට වෙලා..ටේහ්‍යුන් වාඩි වෙලා උන්නෙ ලී පුටුවක..ලිලීනන් එතනම ලග තිබ්බ ගලක් උඩ වාඩිවෙලා උන්නේ..කෙල්ලට දැන් ඇති කියලා හිතල නැගිටල ටේහ්‍යුන්ගෙ උකුලින් වාඩි උනා...

ටේහ්‍යුන්නන් දැනන් උන්නෙ මේ දේ වෙනවා කියලා ..කොල්ලට ලොකු හිනාවක් ගියෙ එයා හිතපු දේම උනු නිසා..ටේහ්‍යුන් ලිලීගෙ පුංචි ඉන වටේ අත් එතුවම කෙල්ල ටේහ්‍යුන්ගෙ උරහිසේ ඔලුව තියන් උන්නා..

" තවත් බලන් ඉන්නවා .. "

" මගෙ ලිලී මල..ඔච්චර නපුරු වෙන්න එපා..ඒ ලමයට ඇහෙයිවත්.. "

" ඉතින් මොකෝ..ඔයා මගේ නෙ.. "

" ඔමෝ දේහ්..දේහ් මන් මගෙ නපුරු ලිලී මලගෙ විතරයි.. "

ටේහ්‍යුන් ඔලුවත් නමල කියද්දි කෙල්ල එයාගෙ බෙලෙක් හිනාව දැම්මේ ටේහ්‍යුන්ටත් හිනාවක් යද්දී..කෙල්ල ඒත් ඉතින් ආයෙමත් බැලුවේ අර කෙල්ල දිහා..ලිලී නොහිතුව විදිහට ඒ පොඩි කෙල්ල තාමත් ටේහ්‍යුන්ගෙ දිහාම බලාගෙන..

" ටේ..මේක ගන්නකො "

කෙල්ල එයාගෙ කොන්ඩ බූල ටේහ්‍යුන්ට දීලා කෙල්ල කොන්ඩෙ උඩට වෙන්න ලූස් බන් එකක් දාගත්තෙ අර පොඩි කෙල්ලගෙ කට භාගයක් විතර ඇරෙද්දී..

ලිලීගෙ මුලු බෙල්ලෙම පුංචි පුංචි රතු පාට හයිකීස්..ටේහ්‍යුන්ගෙ වැඩ තමා..අර පොඩි කෙල්ල නැගිටල ගේ ඇතුලට දුවද්දි ලිලී ආඩම්බරකාර හිනාවක් දාලා ටේහ්‍යුන්ගෙ පපුවට බර උනා..

" හිහ්..එයාට හික් ගෑවෙන්නම දුන්නා මම.. "

" ම්ම්.?? "

" නපුරු වලස් බබෙක් මාව එයාගෙමයි කියලා මාක් කරලනෙ..මන් ඉතින් ඒවගෙන් සූට්ටාක් අර ගෑනු ලමයටත් පෙන්නුවා.. "

ටේහ්‍යුන්ට ඒක තේරුම් ගන්න චුට්ටක් වෙලා ගියත් කෙල්ල කිව්ව එක තේරුනු ගමන්ම පුපුරන්න ඔන්න මෙන්න රතු උනා..ඒත් කොල්ලට දෙයක් මතක් වෙද්දි කොල්ලගෙ මූනනන් අමුතු නපුරුපාටකට හැරුනා..

ටේහ්‍යුන්ගෙ දිග ඇගිලිවලින් කෙල්ලගෙ බන් එක ලෙහල ..කොල්ල ඇගිලිවලින් කෙල්ලගෙ සිනිඳු කොන්ඩෙ ගානකට පීරුවා..

" ම්ම්හ්..මොකක්ද ඒ කලේ.. "

" හීනි පටි ගවුමක් නේද ..මගෙ ලිලී මල ඇදන් ඉන්නෙ.. ආහ්.. "

" මහ ඉලිසියාකාර වලසෙක්.. "

" දේ..දේහ් මේ නපුරු වලස් පැටියා එයාගෙ චූටි මලට හුගක් ආදරෙයි ..ඒවගේම එයා සම්බන්ධ ඕනිම දේකදි හුගාක් කල්පනාවෙන් ඉන්නෙ..ඒකට ඉතින් ඉරිසියාව කියන වචනෙත් ගන්න පුළුවන් .. "

" ඔමෝ..එහෙමයි මගෙ තාත්තී.. "

" මගෙ පණ්ඩිත ලිලී මල.. "


To be continued...
ආදර පිටපතක් තිබ්බා
ඒක මගෙ කතාව..
ලස්සන පොඩි දෙයක් තිබ්බා
ඒක ඔබේ හිනාව..
ගැලපෙන අය හමුවෙනා..
ඒක ලොවේ සොබාව...

අවසානය වෙනස් උනා..
ඒ අපේ වෙලාව...😪💔

මන් නොකියා කිව්වා දෙයක් ..🙂💔

<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️Where stories live. Discover now