1.☑️

345 49 132
                                    

යොන්ජුන් ජීවත් වුනේ තනියම..යොන්ජුන් නම් කියන්නෙ ලයිෆ් එක ඉවර වෙලා යන්න කලින් තමන්ට ඕනි විදියට එන්ජෝයි කරන්න ඕනි කියලා..ඒක නිසාම යොන්ජුන් එයාගෙ අප්පගෙනුයි ඔම්මගෙනුයි අවසර අරන් තනියම ගෙදරක ජීවත් වෙන්න පටන් ගත්තා..

තනියම කීවට එහෙමමත් නෙවේ යොන්ජුන්ගෙ ගෝලබාලයො සෙට් එකත් එක්කමයි..

ඔම්මලා දන්නැති වුනාට මේක මේ සෙට් එකගෙ මාස්ටර් ප්ලෑන් එකක්...කොහොම වුනත් දැන් මේ පස් දෙනාම ජීවත් වෙන්නෙ එකම ගෙදරක..

yeonjun : ඒ මේ ! මේ මේ !! අඩෝ !!! ගොන් වස්සා !!!!!

යොන්ජුන් ඒ කතා කළේ බොම්ග්‍යුට..වැඩේ කියන්නෙ බොම්ග්‍යු නම් ඒ වෙලාවෙ හිටියෙ හෙනම හෙන ආතල් වැඩක් කර කර.ඒක නිසා මිනිහට මතක නෑ මේ ඉන්නෙ පෘථිවියේද කියලවත්....

yeonjun : අයිසෙ ඩෝග් බොම්ග්‍යූඌඌඌඌඌ !!!

beomgyu : ඒ මල්ලි මේ ! කන අස්සෙ මදුරුවෙක් කූන් ගානවා වගේ..පොඩ්ඩක් බලලා ඌව මරලා දාහන්කො !!

සාලෙට වෙලා අත පය උඩ දාගෙන හොදට පුටුවක හාන්සි වෙලා හෙඩ් සෙට් එක්කුත් කනේ ගහන් සින්දුවක් අහන් ආතල් එකේ හිටිය බොම්ග්‍යු ඈනුමක් ඇරගෙන එහෙම කියන් එයාගෙ එහා පැත්තෙන් වාඩි වෙලා හිටිය ටේට එහෙම කියලා කකුලෙන් ඇන්නා..

යොන්ජුන්ගෙ ඉවසීමේ සීමාව මේ වෙලාවෙ තිබුනෙ පනින්න ඔන්න මෙන්න..

taehyun : ඔහේගෙ කන මදුරුවෙක් කාපුදෙන්..මට බෑ නිකන් බොරුවට පව් කරගන්න ! අනික ඔයා මට කකුලෙන් අනින්න එපා හරිද !!!?

තමන්ගෙ පාඩුවේ පොත පතක වැඩක් කරන් ඉද්දි කකුලෙන් ඇන ඇන කරදර කරද්දි කාට වුනත් තරහ යන එක සාධාරණයිනෙ..

yeonjun : අනේ අම්මපා මං මොන එහෙකට මේ වගේ ගොන්නු එක්ක යාලු වුනාද කියලා !? දැන් මොනවා කරන්නද කොල්ලෝ..මේවා පූරුවෙ කරුම !

beomgyu : ශැක් ! මදුරු කොයිල් එකක්වත් පත්තු කරහන්කො !! මුන් කෑවම මගෙ ලස්සන මූනෙ රෝස පාට බිබිලි දානවා කියලා උඹ දන්නවනෙ !!!?

taehyun : අයියෝ හ්‍යුන් ඒ මදුරුවෙක් නෙවේ !!! මේ යොන්ජුන් හ්‍යුන් !!

Beyond the darkness [horror] ☑Where stories live. Discover now