9.☑️

117 31 62
                                    

yeonjun : හෙලෝව් උම්මා කැටේ !

beomgyu : අඩේ පල පල !

yeonjun : මොකෝ දැන් උඹ ගියේ හොස්පිට්ල් එකට නේද?

beomgyu : ඔව් ඔව් බන් ! මට යාලුවෙක් සෙට් වුනා..මොකෝ කියන්නෙ එක්කන් එන්නද?

yeonjun : අඩේ ඒ කව්ද?

beomgyu : ආවම බලාගනනින්කො ! අපිට ලන්ච් එක ලෑස්ති කරහන් ආ...

yeonjun : වරෙන්කො දෙන්න මම හොඳ ලන්ච් එකක් !

call ended....

ඒ කෝල් එක ආවෙ බොම්ග්‍යුගෙන්..බොම්ග්‍යු මේ වෙලාවෙ හිටියෙ හොස්පිට්ල් එකට ගිහින්..මොකද කීවොත් කලින් එයාගෙ නහයෙන් ලේ එන්න පටන් ගත්තනෙ.ඒක නිසා යොන්ජුන්ගෙ වදේටම බොම්ග්‍යුට අනිවාරෙන් ඩොක්ටර්ව හම්බෙන්න යන්නම සිද්ධ වුණා..

ඒ අතරෙ බොම්ග්‍යුට යොන්ජුන්ගෙ ළඟම යාලුවෙක්ව මුණ ගැහුන නිසා ඒ උණුසුමේම යොන්ජුන්ට විස්තරේ කියන්න කෝල් එකක් ගත්තෙ ඒ කෙනා ගැන ඉඟියක් විතරක් දීලා..

මේ අතරේ......

@tae's room

tae : අඩෝ කායි ! නැගිටහන් පිස්සෙක් වගේ නිදි කිරන්නැතුව !!

kai : අනේ පලකො යන්න ! උඹට නම් සැප ඇති දැන් නේ ?? දැන් බලහන් උඹව හොඳ කරගන්න මම කොල්ලෙක් විදියට කොච්චර කට්ටක් කෑවද කියලා !

tae : බල මාලුද කරෝලද දන්නෑ නේ?

ටේ වොශ් එකක් දාන් ඇවිත් ආයෙම කායිව නින්දෙන් ඇහැරවන්න හැදුවෙ දැන් නිදා ගත්තා ඇතියි කියලා හිතුන නිසා..

kai : කරෝලත් නෙවේ බල මාලුත් නෙවේ !

tae : එහෙනම් උම්බලකඩ ද?

kai : ඒවගෙ කොහෙද අඩෝ කටු !??

tae : එහෙනම් අනිවා මුහුදු කිකිලියෙක් වෙන්න ඇති !

kai : නෑ මෝරෙක් ! මෙන්න මෙහෙ වරෙන් යන්න ගොන් මෝරා !!

අන්තිමට කායි එයාගෙ කර්ලි කොන්ඩෙත් අවුස්සන් ඇඳෙන් නැගිටලා ටේවත් ඇදන් පහළට යන්න ගියේ ටේ එක්ක කතා කරලා බේරෙන්න බැරි නිසා..

.
.

*knock knock*
.
.
.
@living room

kai : අන්න කව්ද ඇවිත් !

Beyond the darkness [horror] ☑Where stories live. Discover now